ගෝඨාභයගේ නිදන කාමරයෙන් හමුවූ මුදල් . . .

අරගලය පැවැති දිනයේදී ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (11) කොටුව පොලීසියට නියෝග කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරයේ තිබී හමුවූ එම මුදල්, අල්ලසක් හෝ වෙනත් කාරණයක් සඳහා ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න සිදුකළ ඉල්ලීම සලකාබැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබේ.

එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මිරිහානේ පිහිටි නිවසේ නොමැති බවට පොලීසිය සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා ඔහු සිටින නිවසට ගොස් අදාළ ප්‍රකාශයක් ලබාගන්නා ලෙස පොලීසියට නියෝග කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රජීව් ගාන්ධි ඝාතකයින් නිදහස් . . .

Fri Nov 11 , 2022
රජීව් ගාන්ධි ඝාතනය කිරීමට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි විත්තිකරුවන් 6 දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කළේය. නාලිනී ශ්‍රීහරන්, ආර්.පී රවිචන්ද්‍රන්, ශාන්තන්, මුරුගන්, රොබට් පයාස් සහ ජයකුමාර් ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් කිරීමට නියෝග කළ විත්තිකරුවන් 6 දෙනා වේ. ඒ.ජී පෙරරිවාලන්ගේ නඩුව සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x