මත්පැන් අලෙවිය සතොස ට . . .

දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300 කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට ඇති බව වාර්තා වනවා.

ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය සපුරා ඇති සියලු සතොස වෙළෙඳ සල් සඳහා කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු සම්පාදනය වෙමින් පවතින අතර මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කළ ඇතැම් සතොස ආයතන අදාළ සුදුසුකම් සපුරා නොතිබීම හා මහජන විරෝධතා හේතුවෙන් මෙම බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලු උද්ගත වී ඇති බව ද පැවසේ. සියලු සුදුසුකම් සපුරා නොමැති ඇතැම් සතොස වෙළෙඳ සල් සඳහා ද මෙම බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ද දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අදාළ බලපත්‍ර අනුමත කිරීමෙන් අනතුරුව සතොස ආයතනවල මත්පැන් අලෙවි කිරීමේ කවුන්ටර් විවෘත කිරීමට ද පියවර ගෙන තිබේ.

මේ වනවිට දිවයින පුරා සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර හයදහසක් පමණ නිකුත් කොට තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඥාණසාර හිමි නිදහස් . . .

Fri Nov 11 , 2022
බොදු බල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පැවති නඩුවකින් අද (11) උන් වහන්සේ නිදහස් කිරීමට කොළඹ, අලුත් කඩේ මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේ ය. ඒ රාජගිරිය පන්සල අසල ඉදිරිපිට දී ඇති වූ සිදුවීමක දී පොලීසියේ රාජකාරියට බාධා යන චෝදනාව යටතේ උන්වහන්සේට පවරා තිබූ නඩුවකින් ය. පැමිණිල්ලේ සාක්ෂිකරු දිගින් දිගටම අධිකරණයට නොපැමිණීම හේතුවෙන්, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x