රජීව් ගාන්ධි ඝාතකයින් නිදහස් . . .

රජීව් ගාන්ධි ඝාතනය කිරීමට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි විත්තිකරුවන් 6 දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කළේය.

නාලිනී ශ්‍රීහරන්, ආර්.පී රවිචන්ද්‍රන්, ශාන්තන්, මුරුගන්, රොබට් පයාස් සහ ජයකුමාර් ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් කිරීමට නියෝග කළ විත්තිකරුවන් 6 දෙනා වේ. ඒ.ජී පෙරරිවාලන්ගේ නඩුව සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ ඇත. ඉකුත් මැයි 18 වැනිදා රජිව් ඝාන්ධි ඝාතනයට වරදකරු වී වසර 30 ක් සිර දඬුවම් විඳිමින් සිට ඒ.ජී පෙරරිවාලන් නිදහස ලැබීමෙන් පසු නාලිනී ශ්‍රීහරන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම ගොනු කර තිබේ.

1991 වසරේ මැයි මස 21 වැනිදා රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්විය. එහිදී විත්තිකරුවන් 7 දෙනෙක් රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අතර ඉකුත් මැයි මාසයේදී එක් විත්තිකරුවෙකු වූ ඒ.ජී පෙරරිවාලන් නිදහස ලැබුවේය.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 වෙනි වගන්තිය යටතේ ඒ.ජී පෙරරිවාලන් ලැබූ සහනයට සමාන සහනයක් ඉල්ලමින් නාලිනී ශ්‍රීහරන් පෙත්සම ගොනුකර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ක්‍රේප් රබර් කර්මාන්ත ශාලාව වැසේ . . .

Fri Nov 11 , 2022
දිවයිනේ හොඳම ක්‍රේප් රබර් නිෂ්පාදනය කළ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මොනරාගල කුමාරවත්ත වතුයායේ ක්‍රේප් රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව මේ වන විට වසා දමා ඇති අතර කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර විනාශ වෙමින් පවතී. එහි සේවය කළ සේවක සේවිකාවන්ටද රැකියා අවස්ථා අහිමිවී ගොස් ඇත. අක්කර එක්දහස් අටසියයකින් පමණ යුත් මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x