ලතාට සුභ පතන්න ආ සජිත් . . .

ගීත කෝකිලාවී ලතා වල්පොලයන්ගේ නොවැම්බර් මස 11 වැනිදාට යෙදෙන 88 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

සිංහල සිනමා වංශ කතාවත් සමග එන ඉතිහාසයේ 50 වන දශකය වනවිට ලතා වල්පොලයන්ගේ සිනමා ප්‍රගමනය සිදුවූයේ එදා රෑ චිත්‍රපටියෙනි. ඒ වර්ෂ 1953 දී රිදී තිරයට පැමිණි හෙළ සිනමාවේ 15 වන චිත්‍රපටයෙනි.

එතැන් පටන් ලතා වල්පොලයන්ගේ චිත්‍රපට ගී පෙළහර මෙම ලිපියේ සඳහන් කරන්නට ගියහොත් මෙම සිනමා කලා පිටුව ඉඩ මදිවනු ඇත. එම චිත්‍රපට නැරඹූ ලක්‍ෂ සංඛ්‍යාත සිනමා ලෝලීන් අදත් මේ පැරණි චිත්‍රපට ගීත රස වින්දනය ලබමින් ඇයගේ සුනිල හඬ හමුවේ ප්‍රේමනීය රසික රසිකාවියන් බවට පත්ව සිටිති.

වර්ෂ 1947 දී නිෂ්පාදනය වූ කඩවුනු පොරොන්දුව චිත්‍රපටයත් සමග සිංහල සිනමාවේ ගමන් මගේ ආරම්භයෙන් වසර 06 කට පසුව එනම්, 1953 දී හෙළ සිනමාවේ 19 වන චිත්‍රපටය වූයේ සුජාතා චිත්‍රපටයයි. පී. ආර්. සුන්දරම් අධ්‍යක්‍ෂණය කළ කේ. ගුණරත්නම් නිෂ්පාදනය කළ සුජාතා චිත්‍රපටයේ ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල යුවළ ගැයූ ගීත අතරින් එදා ලතා වල්පොලයන් ප්‍රභාෂ්වර තුරුණු හඬින් ගැයූ ‘මනරංජන දර්ශනීය ලංකා…’ නමැති ගීය එදා දශකයේ මෙන්ම මෙදා දශකයේ රසික ජනතාවගේ සන්තානය තුළ නිරායාසයෙන්ම රැඳී පැවතී ඇත.

භාරතයේ රිදී සීනුව ලෙස එරට කෝටි සංඛ්‍යාත සිනමා ලෝලීන් ලතා මංගේෂ්කර් හැඳින්වූවා සේ ශ්‍රී ලංකාවාසී රසික ජනතාව ලතා වල්පොලයන් හැඳින්වූයේ ද අපගේ රිදී සීනුව ලෙසය. උපතින් රීටා ජෙනවිව් ප්‍රනාන්දු නම් වූ ඇය ළමා අවදියේ පටන් නත්තල් කැරොල් හා දෙව්මැඳුර මුල්කරගත් ගීතිකා ගැයුමෙන් සුමධුර කටහඬකට හිමිකම් පෑවාය. වයස අවුරුදු 16වන විට ගතික ගායනා විලාසයෙන් හා ඇගේ නිසඟ ගායන හැකියාවන් සමග ‘නමෝ මරියනි’ ගීතයෙන් බොදු කිතුනු ලොව අමන්දානන්ද කරමින් ගායනා ලොවට පිවිසියේ මේ අයුරිනි.

‘සංදේශය’ චිත්‍රපටයට ඇතුළත් වූ රැජින මමයි අපේ රාජ්ජේ…’ ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි, කඳුයායම අපේ තමයි’

මේ එක්තරා යුගයක ලතා වල්පොලයන් විසින් ගායනා කළ ගීතයක් ගුවන්විදුලිය මගින් හිටිහැටියේම තහනමට ලක් කළේ කිසිම සාධනීය හේතුවක් නොමැතිවය.

‘ලෝකෙට දෙන්න මෙදා… සාමේ දානෙ බෙදා…’

මේ උත්තම පණිවිඩය රැගෙන ලතා වල්පොල නම් වූ අපේ රාජ්ජේ ගීත රාජිනියට ජේසු සමිඳානන්ගේ සහ මරිය තුමියගේ ආශිර්වාදයෙන් චිර ජීවනය සහ නිදුක් නිරෝගීභාවය පතමින් ඇයගේ ජන්ම දිනය වෙනුවෙන් ලියූ මෙම සටහන මෙසේ අවසන් කරමි.

ජී.ඒ.කිංස්ලි පෙරේරා

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ෂාරුක් ඛාන්ට දඩ ගසයිි . . .

Sat Nov 12 , 2022
ඉන්දීය රුපියල් ලක්ෂ 18ක් වටිනා ඔරලෝසු කිහිපයක් නීති විරෝධීව රැගෙන ඒම සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, මුම්බායි ගුවන් තොටුපොළේ රඳවා ගෙන තිබේ. ඩුබායි රාජ්‍යයේ සාජා නුවර පැවති උත්සවයකට සහභාගී වූ ඔහු, පෞද්ගලික ජෙට් යානයකින්  මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගමන් මලු තුළ තිබී මිල අධික ඔරලෝසු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x