“අළු සමග නැගිටිමු” තිත තබයි . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කර තිබූ ‘අළු සමග නැගිටිමු’ රැස්වීම් මාලාව තාවකාලිකව අත්හිටුවා තිබේ.

එම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු යටතේ එම පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම් මාලාව ආරම්භ කර තිබුණි. කළුතර, නාවලපිටිය සහ පුත්තලම මෙම රැස්වීම් තුනක් මෑතක දී පැවැත්විණි.

පවතින තත්ත්වය මත දේශපාලන රැස්වීම් පැවැත්වීම එතරම් සුදුසු නොවන බවට එම පක්ෂයේ මැති  ඇමතිවරුන් පිරිසක් පෙන්වා දීම මත මෙම රැස්වීම් මාලාව තාවකාලිකව නතර කිරීමට තීරණය වී තිබේ. මුලින්ම පාක්ෂිකයන් ගැන බලා පක්ෂය සංවිධානය කර ඉන් අනතුරුව රැස්වීම පැවැත්වීම වඩාත් සුදුසු බව මහජන නියෝජිතයන් පෙන්වා දී ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ණය පොලී අනුපාත ඉහළට . . .

Sat Nov 12 , 2022
මෙරට සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු සිය ණය පොලී අනුපාත තවත් 4% ක ප්‍රතිශතයකින් යළි ඉහළ දමා තිබේ. ඒ සමග ඇතැම් බැංකුවල ණය පොලී අනුපාතිකය 32% ක් වැනි ඉහළ මට්ටමට පැමිණ ඇත. කෙසේ නමුත් රාජ්‍ය බැංකුවලට සාපේක්ෂව ඇතැම් පුද්ගලික බැංකුවල ණය පොලී අනුපාත අඩු අගයක පවතින නමුත් ණය ලබා ගැනීම සදහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x