එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත් කිරීමටද සැලසුම් කර ඇත. රවි කරුණානායක මහලේකම් ධුරයට පත් කිරීමෙන් පසුව ඉදිරි මැතිවරණ ඉලක්ක කර පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වගකීම පැවරෙනු ඇතැයිද […]

17 හැවිරිදි තරුණියකගේ මුහුණුපොතේ ගිණුම සොරාගෙන එම ගිණුම භාවිතා කර ඇය මුදලට අලෙවි වන තරුණියක් ලෙස සමාජයට මුදා හැරි පුද්ගලයෙකුට එරෙහිව ලද පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව බණ්ඩාරගම පොලීසිය පවසනවා. මීට දින කිහිපයකට ඉහතදී තම දුරකථනය අලුත් වැඩියා කටයුත්තක් සඳහා නිවස ආසන්නයේ පදිංචි දුරකථන අලුත්වැඩියා කරන පුද්ගලයෙකුට ලබාදුන් බවත් පැය කිහිපයකින් […]

ගෝඨාගෝගම අරගල භූමියේ බුද්ධිමය සංවාද සිදු කෙරුණු ‘පුරවැසි සභාව’ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ නිර්මාණී ලියනගේ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. සෙනසුරාදා සන්ධ්‍යා කාලයේ ලංකා හොස්පිටල්ස්හිදී හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතයෙන් නික්මුණා. බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විදයාලයේ ආදි ශිෂ්‍යාවකි. පර්යේෂිකාවක, නාගරික සැලසුම් ශිල්පිණියක, අධ්‍යාපනඥයෙකු, ජනවාර්ගික අධ්‍යයන වේදියෙකු වූ […]

ගල්වැව සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් පොලිසිය විසින් ඊයේ දිනයේ නවත්වන ලද පාගමන අද දිනයේ යළි මොරටුවෙන් ආරම්භ කිරීමට අදාළ කාන්තාවෝ දෙදෙනා පියවර ගත්හ. ඒ සදහා විශාල පිරිසක් එක්ව සිටින ආකාරයක්ද මෙහිදී දැකගන්නට ලැබිණ.

මෙරටින් වාර්තා වන ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසර දෙක හා සැසඳීමේදී වැඩි වීමක් පෙන්නුම් කරන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ පවසයි. විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළේ, මෙම වසරේ පසුගිය කාර්තු දෙක අවසානයේදී දිවයින පුරා ක්ෂය රෝගීන් 4,000කට අසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවය. වාර්ෂිකව වාර්තා වන රෝගීන්ගෙන් 20%ත් 25%ත් අතර […]

20-20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සහ එංගලන්තය අතර පැවති අවසන් තරගයෙන් පාකිස්තානය පලදා කඩුළු 05ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව මෙවර 20-20 ලෝක ශූරයන් බවට එංගලන්ත කණ්ඩායම පත්විය. තරඟයේ මුලින් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137 ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ […]

නඩත්තු කටයුතු සඳහා පසුගිය ජුනි මාසයේදී අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය හෙට (14) දිනයේදී යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බලමණ්ඩලය පවසනවා. එහි නඩත්තු කටයුතු මේ වනවිට අවසන්ව ඇති අතර, එමඟින් මෙගාවොට් 300 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙනවා. නොරොච්චෝලේ බලාගාරය මෙගාවොට් […]

වියට්නාමයේ හැනෝයිහි පැවති හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලෙහි (Hanoi International Film Festival) ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කළ ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනගේ “මාරියා” චිත්‍රපටයට, එහි “හොඳම නළුවාට” හිමි සම්මානය හිමිව තිබෙනවා. හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දිසානායක යන ශිල්පීන් හත් දෙනෙක් […]

ඩොලර් කෝටි 7 ක් ගෙවීමට නොහැකි විමෙන් දින 55 ක් පමණ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබූ බොරතෙල් නෞකාවේ බොරතෙල් තොගය ගොඩබෑම ඊයේ (12) රාත්‍රී ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.  මෙම බොරතෙල් නෞකාවේ සැපයුම්කරුට මුදල් ගෙවීමට නව ක්‍රමවේකයකට එකඟ වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එහි […]

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුරුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස රජයට බලකරමින් විරෝධතා පා ගමනක යෙදුණු කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු භාරයට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . සැකකරුවන්ගෙන් මේ වන ප්‍රශ්න කිරීම සිදු කරගෙන යනු ලබන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.