අරගලයේ ක්‍රියාකාරිණියගේ හදිසි මරණය . . .

ගෝඨාගෝගම අරගල භූමියේ බුද්ධිමය සංවාද සිදු කෙරුණු ‘පුරවැසි සභාව’ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ නිර්මාණී ලියනගේ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. සෙනසුරාදා සන්ධ්‍යා කාලයේ ලංකා හොස්පිටල්ස්හිදී හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතයෙන් නික්මුණා.

බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විදයාලයේ ආදි ශිෂ්‍යාවකි. පර්යේෂිකාවක, නාගරික සැලසුම් ශිල්පිණියක, අධ්‍යාපනඥයෙකු, ජනවාර්ගික අධ්‍යයන වේදියෙකු වූ ඇය කොළඹ City School of Architecture හි බාහිර කථිකාචාර්ය වරියක ලෙස කටයුතු කළාය. වඩා යහපත් රටක් වෙනුවෙන් හීන දුටු නිර්මාණි ඉතා දක්ෂ තරුණ නායිකාවක වූ අතර ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ පරිසර කමිටුව හා සම්බන්ධ වී දැඩි කැපවීමෙන් ක්‍රියාකළ ක්‍රියාකාරිණියකි.

ඇගේ හදිසි වියෝව සමීපතමයින්ගේ කම්පනයට හේතුවී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මුදලට අලෙවි වූ තරුණිය . . .

Sun Nov 13 , 2022
17 හැවිරිදි තරුණියකගේ මුහුණුපොතේ ගිණුම සොරාගෙන එම ගිණුම භාවිතා කර ඇය මුදලට අලෙවි වන තරුණියක් ලෙස සමාජයට මුදා හැරි පුද්ගලයෙකුට එරෙහිව ලද පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව බණ්ඩාරගම පොලීසිය පවසනවා. මීට දින කිහිපයකට ඉහතදී තම දුරකථනය අලුත් වැඩියා කටයුත්තක් සඳහා නිවස ආසන්නයේ පදිංචි දුරකථන අලුත්වැඩියා කරන පුද්ගලයෙකුට ලබාදුන් බවත් පැය කිහිපයකින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x