ක්‍ෂය රෝගය යලි හිස ඔසවයි . . .

මෙරටින් වාර්තා වන ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසර දෙක හා සැසඳීමේදී වැඩි වීමක් පෙන්නුම් කරන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ පවසයි. විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළේ, මෙම වසරේ පසුගිය කාර්තු දෙක අවසානයේදී දිවයින පුරා ක්ෂය රෝගීන් 4,000කට අසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවය.

වාර්ෂිකව වාර්තා වන රෝගීන්ගෙන් 20%ත් 25%ත් අතර ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ත් ඉන් දළ වශයෙන් 2/3ක පමණ ප්‍රමාණයක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වන බව ත් විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ සඳහන් කළා ය. කොළඹ නගර සභා බල ප්‍රදේශය පවතින තදබදය සහ වාතාශ්‍රය ප්‍රමාණවත් නොවීම ආදී සාධක හේතුකොට ගෙන මෙම ප්‍රදේශයෙන් බහුලව රෝගීන් වාර්තා වීම දක්නට ලැබෙන බව ද වෛද්‍යවරිය පැවසුවා ය.

මීට අමතරව දුම් පානය, මත්පැන් භාවිතය යනාදී සාධක ද ක්ෂය රෝගය වැළඳීම සඳහා අවදානම් සාධක බව ද වෛද්‍යවරිය ප්‍රකාශ කළා ය. සති 2කට වඩා කල් පවතින කැස්ස, මද උණ ගතිය ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස ත් මීට අමතරව ශරීරයේ බර අඩුවීම, පපුවේ වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණයන් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ සඳහන් කළා ය.

විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරට ත් ප්‍රකාශ කළේ, මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් නිසි ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කිරීමට වග බලා ගන්නා බව ත් සියලු ම ප්‍රතිකාර ලබා ගැනීමට තම දිස්ත්‍රික්කයේ පිහිටි සායනය වෙත යොමු වීම හෝ ළඟ ම පවතින රෝහල වෙත යොමු වීම කළ යුතු බව ත් ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කාන්තා පාගමන අද යළිත් මොරටුවෙන් . . .

Sun Nov 13 , 2022
ගල්වැව සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් පොලිසිය විසින් ඊයේ දිනයේ නවත්වන ලද පාගමන අද දිනයේ යළි මොරටුවෙන් ආරම්භ කිරීමට අදාළ කාන්තාවෝ දෙදෙනා පියවර ගත්හ. ඒ සදහා විශාල පිරිසක් එක්ව සිටින ආකාරයක්ද මෙහිදී දැකගන්නට ලැබිණ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x