නිවසේ ඇඳ යට කල්ගෙවූ පෙම්වතිය . . .

මාසයකට ආසන්න කාලයක් සිය විසි දෙහැවිරිදි පෙම්වතියව නිවසේ ඇඳ යට සඟවා ගෙන සිටි දහසය හැවිරිදි සිසුවෙකු පිළිබඳව උහන ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වෙනවා.

අදාළ සිසුවාගේ දෙමව්පියන් වෙළඳසැලක් පවත්වාගෙන යන අතර ඔවුන් උදෑසනින්ම නිවසින් පිටව ගොස් යළි එන විට රෑ බෝ වෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. එම නිසාවෙන් දිවා කාලයේ නිවසේ කිසිවෙකුත් නොසිටින අතර රාත්‍රී කාලයේදී එම සිසුවා විසින් පෙම්වතියව ඇඳ යට සඟවා තබා තිබෙනවා. ඇයට අවශ්‍ය ආහාර කාමරයටම ගෙනවිත් ලබා දී ඇති අතර එක් අවස්ථාවක හදිසියේම දිවා කාලයේ මව නිවසට පැමිණි පසු මෙම තරුණියව දැක ඇතත්, පියාට සිදුවීම නොපවසන ලෙසට ඔවුන් දෙදෙනා මවගෙන් ඉල්ලා සිටි බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් පොලීසියට ලද තොරතුරක් අනුව ඔවුන් දෙදෙනාව පොලිස් බාරයට ගෙන ඇති අතර ඒ වන විට පියා සිදුවීම දැනගෙන සිට නැහැ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විරෝධතා පා ගමන් ගිය කතුන් අත්අඩංගුවට . . .

Sun Nov 13 , 2022
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුරුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස රජයට බලකරමින් විරෝධතා පා ගමනක යෙදුණු කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු භාරයට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . සැකකරුවන්ගෙන් මේ වන ප්‍රශ්න කිරීම සිදු කරගෙන යනු ලබන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x