එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත් කිරීමටද සැලසුම් කර ඇත.
රවි කරුණානායක මහලේකම් ධුරයට පත් කිරීමෙන් පසුව ඉදිරි මැතිවරණ ඉලක්ක කර පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වගකීම පැවරෙනු ඇතැයිද වාර්තා වෙයි.