තිළිණි ප්‍රියමාලිගෙන් පැමිණිල්ලක් . . .

මුදල් වංචාවක් සම්බන්ධව පරීක්‍ෂණ සිදුකිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලිගේ මූලික අයිතිවාසිකම් කඩවූ බව ප්‍රකාශ කරමින් ඇයගේ නීතිඥවරුන් කණ්ඩායමක් විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කොට තිබේ.

2022.11.08 දින සිදුකරන ලද මෙම පැමිණිල්ල මගින් නීතිඥ කණ්ඩායම පෙන්වා දෙන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලිකරුවන් සමඟ වංක සහයෝගයෙන් කටයුතු කරමින් සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිවාසිකම අහිමි කර ඇති බවයි. එහිදී තවදුරටත් කරුණු දක්වන නීතිඥ කණ්ඩායම පෙන්වා දෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන මූලික මිනිස් අයිතිවාසිකම් මෙම නඩුව තුළ සිදුවන ඇතැම් කාරණා හරහා කඩවී ඇති බවයි.

ඒ සඳහා උදාහරණ දක්වන නීතිඥ කණ්ඩායම පෙන්වා දෙන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකාරියක ලෙස පරීක්‍ෂණ සිදුකරනු ලබන තිළිණි ප්‍රියමාලි ලබාදෙන අතිශය පෞද්ගලික කටඋත්තර සහ ප්‍රකාශ පැය කීපයක් ඇතුළත විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාදීම බරපතළ වරදක් මෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවයි.

– Divaina

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොහොට්ටුවෙන් 4 ක් සජිත්ට . . .

Tue Nov 15 , 2022
විපක්‍ෂයේ ස්වාධීන මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජයරත්න හේරත් යන පොදුජන පෙරමුණු මන්ත‍්‍රිවරුන් සමගි ජන බලවේගය සමග ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට තීරණය කර ඇත. ඔවුන් අද පෙරවරුවේ සජිත් ප්‍රේමදාස හමුවී සිය සහාය ලබා දීම දැනුම් දී ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x