ආණ්ඩුවට සමීප ඇතැම් පිරිස් විසින් බිත්තර හා කුකුළු මස් පිටරටින් ගෙන්වීමට උත්සාහ කරමින් සිටින බව ජාතික සත්ව නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි. එහි කැඳවුම්කරු සංජීව ධම්මික සඳහන් පෙන්වා දෙන්නේ මෙරටට අවශ්‍ය බිත්තර හා කුකුළු මස් සමස්ත ප්‍රමාණයම රට තුළ නිෂ්පාදනය පසුගිය කාලයේ සිදු කලද පවතින සත්ව ආහාර අර්බුදය නිසා කර්මාන්ත දෙකම […]

කඩු කිනිසි වැනි ආයුධ අතැතිව පාදුක්ක අංගමුව ප්‍රදේශයේ මාර්ගවල යන වාහන පරීක්ෂා කරමින් ජනතාවට මරණ තර්ජනය කරමින් සැරිසරන කණ්ඩායමක් නිසා ජනතාව මහත් භීතියට පත්ව සිටී. අංගමුව සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති වරයාගේ නිවසට අවි ආයුධ අතැතිව ගොස් මරණ තර්ජනය කිරීම නිසාවෙන් ඔහුට ද සැඟවී සිටින්නට සිදු ව ඇත. මේ සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියට […]

2023 වසර සඳහා වන අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (නොවැ. 14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පස්වරු 1.30ට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේ ය. වර්තමාන රජයේ අය-වැය ලේඛන දෙකක් වන අතර එසේ ඉදිරිපත් කළ පළමු අය-වැය වූයේ මේ වසරේ අවසාන මාස හතරේ […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  චීන රජයෙන් කළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර ඇත. චීන ආධාර යටතේ මෙරටට හිමිවන ඩීසල් ලීටර් ලක්ෂ 75 ක් කෘෂිකාර්මික කටයුතු සඳහා නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද […]

දිගු කාලයක් ඇමෙරිකාවේ ගතකළ, පසුගිය කාලයේ නිහඬ දේශපාලන පිළිවෙතක් අනුගමනය කළ බැසිල් රාජපක්ෂ ලබන 20 වැනිදා පෙරළා දිවයිනට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බරපතළ අර්බුදයකට පත්ව සිටින මේ මොහොතේ බැසිල් රාජපක්ෂ  මෙසේ හදිසියේම දිවයිනට පැමිණීමට තීන්දු කොට තිබෙන්නේ ඇදවැටී තිබෙන එම පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යභාරයට බව ආරංචි මාර්ග සඳහන් […]

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය 75 වැනි ජන්ම දිනය අද (15) සමරනු ලැබීය. කොළඹ අගරදගුරු නිල නිවෙසේ උදෑසන පැවැති ජන්මදින සැමරුමට කොළඹ පදවි සහායක රදගුරු හිමිපාණන්ලා සහ පූජා ප්‍රසාදීන් වහන්සේලාද සහභාගි වී සිටියහ. 75 වැනි විය සපිරීමත් සමග අගරදගරුතුමන් එම පදවියෙන් ඉවත්වීම සම්ප්‍රදායක් වන අතර, ඊට අදාළ ලිපිය […]

සුමිහිරි ගීතයකට වඩා මෙම කන්කලු හඬ රටාව මාගේ දෙසවන සොරාගත්තේය. පැය 24 පුරා ඇසෙන, නිල්වන් ජල දහරාව ගලාබසින ගල්මල් ඔයේ ගීතිකාව සහ දසුන් ගත සිතම වශී කරන්නට ගත්තේය. සතරදිග්භාගයට පෙනෙන ගොම්බානිය, නකල්ස්, දෝතළුගල, කිරිගල්පොත්ත, තුන්හිස්ගල, කිරිමැටියකන්ද, කලේගල යන කන්‍යාවියන් සත්දෙනාට මැදිව මම දෙපසින් සිටගෙන සිටින්නට විය. වදනින් වර්ණනා කළ නොහැකි […]

ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඒ පිලිපීනයේ මැනිලා නුවර බිළිඳියක් බිලියන අටවැන්නා ලෙස උපත ලැබීමත් සමගය. ලෝක ජනගහනය බිලියන 07 සිට 08 දක්වා ළඟාවීමට වසර 11 ක් ගතවී තිබුණු බව ඔවුන් පවසයි. ලෝක ජනගහනය බිලියන 09 ඉක්මවීමට තවත් වසර 15 ක් ගතවන බවත් බිලියන 10 වීමට […]

බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණය විසින් ඇප නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුණි. මේ අතර ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන […]

මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ විභාග ප්‍රශ්න පත්‍ර ලබා දීමේ අනුපිළිවෙල වෙනස් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පැවසීය. වෙන වසරවල ශිෂ්‍යත්ව විභාගයේදී පළමු ප්‍රශ්න පත්‍ර මුලින් ම ලබා දුන්න ද මේ වසරේදී 2 වන ප්‍රශ්න පත්‍රය මුලින් ම ලබා දෙන බව ඔහු සඳහන් කළේ ය. ඒ අනුව එළඹෙන දෙසැම්බර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.