පළාත් සභා ඡන්දයට නාමයෝජනා . . .

ඉදිරි පළාත් පාලන මැතිවරණය නියමිත කාලයේ දී අනිවාර්යෙන්ම පවත්වන බවට මැතිවරණ කොමිසම සඳහන් කර තිබේ. විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස ඇතුළු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ සමඟ මැතිවරණ කොමිසම පැවති සාකච්ඡාවක දී එහි සභාපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඊට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල  පැවසුවේ දෙසැම්බර් 9 සහ ජනවාරි 9 අතර කාලය තුළ මැතිවරණය අනිවාර්යෙන්ම ප්‍රකාශයට පත් කරන කරනු ඇති බවයි. පෙබරවාරි මස 20 වන දිනට පෙර මැතිවරණය අනිවාර්යෙන්ම පවත්වා අවසන් කළ යුතු බවට මැතිවරණ කොමිසම සිටින බවද එම සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේය.

ඒ අනුව දෙසැම්බර් මස මුල් සතියේ වනවිට මැතිවරණය ප්‍රකාශයට පත්කර නාමයෝජනා කැඳවීම සිදු කරනු ඇතැයිද මහලේකම්වරයා තවදුරටත් කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කිරිපිටි හිගයක් . . .

Wed Nov 16 , 2022
ඉදිරි දින කිහිපයේදී රට තුළ කිරිපිටි හිගයක් ඇති වනු ඇතැයි මෙරට ප‍්‍රධාන පෙලේ කිරිපිටි ආනයනය සමාගමක සභාපතිවරයා වන ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කරයි. දින 25 ක් තිස්සේ කොළඹ වරාය තුළ කිරිපිටි බහාලුම් 15 ක් රඳවාගෙන ඇති බවත් ආනනය පාලක ජනරාල් වරයා විසින් ඒ පිළිබඳ තීන්දුවක් නොගන්නා බවටත් ඔහු චෝදනා කරයි. මෙම තත්ත්වයන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x