ධනුෂ්ක ඇප මත නිදහස් . . .

ඕස්ට්‍රේලියාවේ රැදවුම් භාරයේ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත නිදහස් කිරීමට එරට සිඩ්නි මධ්‍යම අධිකරණය නියෝග කර තිබේ. ඇප මත නිදහස් කලද ඔහුට ඕස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කර ඇති අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ඕස්ට්‍රේලියානු බලධාරීන් රදවාගෙන ඇත.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට එරටට ගිය අතරතුර දී කාන්තාවට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔහු රටින් පිටවීම වළක්වා රැදවුම් භාරයට පත් කිරීමට අධිකරණය තීරණය කර තිබින.

අද දිනයේ ඔහුට ඇප ලබා දී ඇත්තේ දෙවන ඇප ඉල්ලීම සලකා බලමිනි. ඔහු නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත්තේ ඩොලර් එක්ලක්ෂ පනස් දහසක ඇප මුදලකටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියට සහභාගි වී ලබාගත් ජයග්‍රහණ අනුව ඔවුන්ට ලැබෙන සමස්ත තෑගි මුදල් රුපියල් කෝටි අටකට මඳක් වැඩිය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෝටර් රථ ලියාපදිංචි ගාස්තුව ඉහළට . . .

Thu Nov 17 , 2022
මෝටර් රථ ලියාපදිංචි ගාස්තුව ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම ගාස්තු නැංවිම සිදු කර ඇත. නව ගාස්තු ක්‍රියාත්මක වීම හෙට දිනයේ සිට බලපැවැත්වෙයි. අදාල ගැසට් නිවේදනය මෙසේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x