මානසික රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් . . .

අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම හේතුවෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පාසල් සිසුන් ඇතුළු තරුණයන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීම වැඩිවී ඇතැයි අනාවරණය වෙයි.

මෙම තත්ත්වය මත අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන්ට නේවාසිකව ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති ප්‍රතිකාර ඒකකයද සම්පූර්ණයෙන්ම පිරී ඇති බව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂඥ පුෂ්පා රණසිංහ පැවසුවාය.

ගතවූ මාසයක කාලය තුළ අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ මානසික රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බව ඇය සඳහන් කළාය. මේ දිනවල මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පැමිණෙන අවුරුදු දහඅටත් තිහත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිමි ළමයින්ගෙන් සියයට හැත්තෑපහක පිරිසක් අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම හේතුවෙන් ඇතිවූ මානසික ව්‍යාකුලතාවයන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙති.

මනෝ වෛද්‍ය විශේෂඥ පුෂ්පා රණසිංහ ප්‍රකාශ කළේ අයිස් මත්ද්‍රව්‍ය හේතුවෙන් මෙම මානසික රෝගීන්ගේ මොළයට දැඩි බලපෑම් සිදුව ඇති බවය. එසේම අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ මසකට තරුණයන් දස දෙනකු පමණ සිය දිවි හානිකරගැනීමේ ප්‍රවණතාවක් ඇති බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර පැවැසුවාය.

මෙම මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් වසර තුනක් වැනි කෙටි කාලයක් තුළදී සිය දිවි නසා ගැනීමට පෙලඹී ඇති බව ඔවුන්ගේ මරණ පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

  • වරුණි පෙරමුණ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බැංකු ණයහිමියන්ට සහන . . .

Thu Nov 17 , 2022
බැංකු හරහා ණය ලබාගැනීමෙන් අපහසුතාවයට පත්ව ඇති ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙසට බැංකුවලට උපදෙස් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.  පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ පසුගිය කාලය තුළ විචල්‍ය පොලී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x