ශෂී වීරවංසට එරෙහි නඩුව විභාගයට . . .

හිටපු ඇමති විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංසට එරෙහි, රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධ නඩුව විභාගය සඳහා පෙබරවාරි මස 24 වන දා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම අද (18) නියම කර තිබේ.

රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අසත්‍ය තොරතුරු ඇතුළත් අයැදුම්පතක් ආගමන හා විගමන පාලකවරයා වෙත ඉදිරිපත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඇයට එරෙහිව අදාළ නඩුව ගොනු කර ඇත. එම නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අතර නඩුව පෙබරවාරි මස 24 වන දා කැඳවන අවස්ථාවේ සාක්ෂිකරුවන්ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා උපන් දිනය පිළිබඳ අසත්‍ය තොරතුරු ඇතුළත් අයැදුම්පත්‍රයක් ආගමන සහ විගමන පාලකවරයා වෙත ඉදිරිපත් කිරීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම නඩුව ගොනුකර තිබිණි.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු ශෂී වීරවංශට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවම් හා රුපියල් ලක්ෂයක දඩයක් මැයි මස 27 වන දා නියම කළ අතර පසුව එම දඬුවමට එරෙහිව ඇය විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදාහැර සිටී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහින්දට 77 යි . . .

Fri Nov 18 , 2022
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. අද දිනයේ සම්පූර්ණ කරන්නේ සිය දිවියෙහි 77 වන ජන්ම දිනයයි. ඔහුගේ උපන් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් තංගල්ල කාල්ටන් නිවසට ඔහුට සුබ පැතුම් ගෙන යාමට සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහුගේ උපන් දිනය වෙනුවෙන් නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේ දී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x