සංචාරක වීසා මත රට රැකියා තහනම් . . .

මෙරට කාන්තාවන් ඕමානයේදී ගණිකාවන් ලෙස අලෙවි කෙරෙන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණයවීමෙන් පසු ඕමාන් සහ ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව යෑම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් තහනම් කර තිබේ.

අද (19) පාර්ලිමේන්තුවේදී විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පැවසුවේ අදාළ වැරදිකරුවන්ට තරාතිරම නොබලා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවය.

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය, ජගත් පුෂ්පකුමාර ,

” මේ සම්බන්ධව වැරදි කරපු කිසිම කෙනෙක්ට අපි තරාතිරම් බලන්නේ නැහැ. අවශ්‍ය පියවර ගන්නවා. මේ වනවිට සංචාරක වීසාවලින් යන එක නතර කරන්න අපි තීන්දු කළා.”

“මෙතන පොරවල් වෙන්න කතා කරන්න පුළුවන්. ටිකට් එකක් අරන් විසිට් වීසා අරගෙන පිටරට ගිහිල්ලා.. අපේ කිසිම වගකීමක් නැහැ. අත්තනෝමතික විදිහටයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කෙසේවෙතත් අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රවීණ රංගණ ශිල්පි ඇල්ෆ්‍රඩ් පෙරේරා අභාවප්‍රාප්තවේ . . .

Sun Nov 20 , 2022
ප්‍රවීණ රංගණ ශිල්පියෙකු සහ ගුවන් විදුලි නිවේදකයෙකු වන ඇල්ෆ්‍රඩ් පෙරේරා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ දළුගම පිහිටි ඔහුගේ නිවසේදීයි. ඉතා ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක් වන විනෝද සමය වැඩසටහනේ නිර්මාතෘ සහ ආරම්භක නිවේදකයා වූයේද ඇල්ෆ්‍රඩ් පෙරේරායි. ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදකයෙකු මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථකයෙකු ලෙසද ඔහු දීර්ඝ කාලයක් කටයුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x