ජල ගාස්තු යලි ඉහල දමයි . . .

ජල සම්පාදනයේදී පිරිවැයට සරිලන ආකාරයෙන් ජල ගාස්තුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් විසින් ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට යෝජනා කරන ලදී.

මෙහිදී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දුන්නේ ජලය ලීටරයක් තවමත් සත 2 පමණ මුදලකට පාරිභෝගිකයන්ට ලබාදෙන බවත් මෑතකදී එය සත 5ක් දක්වා වැඩි කළද ජල ලීටරයක් සැකසීම සඳහා යන වියදම සත 12 ක් 14 පමණ වන බවත් ය. මේ නිසා එම වියදමට සරිලන ආකාරයෙන් ජල ගාස්තු සංශෝධනය කළ යුතු බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ගරු කෙහෙලිය රඹුක්වැල්ලගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් එම නිලධාරීන් සඳහන් කළේ මෑතකදී ජල ගාස්තු වැඩි කළ ද ජල සම්පාදනය සඳහා යන වියදම පෙර තිබූ ප්‍රමාණයට වඩා 50% කින් පමණ වැඩි වී ඇති බවයි. එම නිසා වර්තමාන ජල ගාස්තුව වියදමට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බව නිලධාරීහු පෙන්වා දුන්හ. විශේෂයෙන්ම වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජල ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමට අපහසු තත්ත්වය මත මෙසේ ජල ගාස්තු සංශෝධනය කිරීම මගින් යම් ආකාරයකින් මුදල් ඉතිරියක් සිදු වන්නේ නම් එම මුදල ජල ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කළ හැකි බවද මෙහිදී නිලධාරීහු සඳහන් කළහ.

මෙහිදී සමෘද්ධිලාභීන්, වැඩිහිටි ප්‍රජාව ඇතුළු අඩු ආදායම්ලාභීන් හැර අනෙකුත් පාර්ශ්ව සඳහා ජල ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද පානීය ජල බෝතල් වලින් රජයට බදු මුදලක් අයකිරීම පිළිබඳව සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ජල ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

– Media unit

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

2023 අයවැයෙන් යලි ඉහළ යන විදුලිය සහ ඉන්ධන . . .

Sun Nov 20 , 2022
එළඹෙන අප්‍රේල් මස පළමුවැනිදා සිට විදුලි, ඉන්ධන, දුම්රිය හා බස් ගාස්තු සියයට 15 කින් පමණ ඉහළ යනු ඇති බව වාර්තා වේ. 2023 අයවැය යෝජනාවලිය අනුව මෙම ගාස්තු ඉහළ යෑමට නියමිතය. කෙසේ නමුත් බදු සමාලෝචනයක් සිදු කොට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවද අයවැය යෝජනාවලියේ වෙයි. මීට අමතරව රජයේ සියලුම ගාස්තු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x