හිග බිල්පත් නොගෙවීම හේතුවෙන් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ යාපනයේ පිහිටි කාර්යාලයේ විදුලිය සැපයුම විසන්ධි කිරීමට කටයුතු කර තිබේ.
ඔහුගේ හිග විදුලි බිල්පත මේ වන විට රුපියල් ලක්ෂ 85 ඉක්මවා ඇත. 1998 සිට 2014 දෙසැම්බර් දක්වා වූ කාලයට අදාළව මෙම හිග මුදල එකතු වී ඇති අතර 2014 වසරේ සිට ඇමතිවරයා මාසිකව අදාල විදුලි ගාස්තු ගෙවා ඇත.
නමුත් අදාළ හිග මුදල ගෙවන්නැයි ලිඛිතව අවස්ථා කිහිපයකදීම දැනුම් දී තිබුණ ද ඔහු එම ගෙවීම් නොකිරීම හේතුවෙන් මෙසේ විදුලිය විසන්ධි කළ බව ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.