අද (20) පෙරවරු 8.30ට පමණ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රැගත් EK- 650 දරණ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය.
ඩුබායි සිට මෙරටට පැමිණී බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා පොදු ජන එක්සත් පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේ ය.
ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, නලින් ප්‍රනාන්දු, දිලුම් අමුණුගම ආදී ප්‍රබලයින් රැසක් ද දක්නට ලැබුණා.
ජනාධිපති ගෝඨාභය රාපක්ෂට එරෙහිව පැවති විරෝධතාවයෙන් පසු බැසිල් රාජපක්ෂ අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණු අතර පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් , බැසිල් රාජපක්ෂගේ පැමිණීමත් සමග පක්ෂයේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා වන සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.
කෙසේවෙතත් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීම බැසිල් රාජපක්ෂ සතු කාර්යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සදහන් කළේ ය.
විඩියෝ අයිතිය – අද දෙරණ