උප්පැන්න සහතිකය අලුත් වෙයි . . .

මින් ඉදිරියට උප්පැන්න සහතිකය යන්න ‘ජාතික උප්පැන්න සහතිකය’ නමින් හඳුන්වාදී මෙතෙක් ළමුන්ට අගතිගාමී ලෙස බලපෑ ‘දෙමව්පියන් විවාහකද? ’ යන කොටස එයින් ඉවත් කර ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. 

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ජාතික හා ඡාත්‍යන්තර මට්ටමට ගැලපෙන අයුරින් සකස් කර ඇති ජාතික උප්පැන්න සහතිකය භාෂා දෙකෙන්ම නිකුත් කිරිමටත්, එහි ජාතිය යන්නට දෙමව්පියන්ගේ ජාතිකත්වය, ඇතුළත් කර ඇතැයි ද රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී.විතානගේ පවසයි.

උපතේ දී ලබාදෙන අනන්‍යතා අංකය ඇතුළත් කර වඩාත් ආරක්ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයට සකස් කර ඊට ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සළකුණ සහ හොලෝ ග්‍රෑම් ස්ටිකරයක් ඊට අලවා ඇතැයි ද ඒ මහතා කියයි.

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අත්සනින් ඉදිරියේ දී මෙම ජාතික උප්පැන්න සහතිකය රටට හඳුන්වාදෙන බවද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහතීර් මොහොමඩ් පරදී . . .

Sun Nov 20 , 2022
මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ්ට වසර 53 කට පසු පළමු වරට මැතිවරණයකින් පරාජයට පත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (නොවැ. 19) වන දා පැවති මහ මැතිවරණයෙන් ඔහුට සිය පාර්ලිමේන්තු අසුන අහිමි වූ බව ය. එය ආසියාවේ දීර්ඝ කාලයක් බලයේ සිටි දේශපාලනඥයකුගේ වෘත්තීය ජීවිතය අවසන් කිරීමට ඉඩ ඇති පරාජයක් බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x