මාර්ග සංඥා පුවරුවල විදුලි සැපයුම විසන්ධිවේ . . .

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් විදුලි බිල ගෙවීම පැහැර හැර ඇති නිසා කොළඹ නගරයේ සියලුම විදී ලාම්පු සහ මාර්ග සංඥා පුවරුවල විදුලි සැපයුම ඉදිරියේදී විසන්ධි වීමේ අවදානමක් මතුව ඇති බවට ලංකා විදුලි බලමණ්ඩලය අනතුරු අඟවයි.

මණ්ඩලයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මාස පහකට ආසන්න කාලයක් තිස්සේ මාර්ග සංවර්ධන අධිකාරිය හිඟ විදුලි බිල වන රුපියල් මිලියන 15 ක මුදලක් ගෙවා නොමැති බවය.

මෙම මුදල ගෙවන ලෙස අවස්ථා ගණනාවකදීම විදුලි බල මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.

මෙම අධිකාරිය යටතේ ගිණුම් 15 කට ආසන්න ගණනක් ඇති අතර මාසිකව මෙම සියලුම ගිණුම්වල එකතුව ලෙස රුපියල් මිලියන 03 ක විදුලි බිලක් පැමිණෙන බව වාර්තාවේ.

මණ්ඩලේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ තවදුරටත් මෙම ආයතනය විදුලි බිල ගෙවීම පැහැර හරිනවානම් විදී ලාම්පු සහ මාර්ග සංඥා පුවරුවල විදුලිය විසන්දි කිරීමට සිදුවන බවය.

අශිකා ජයවීර
– Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සැහැල්ලු ඇඳුමෙන් සැරසී පාසල් වෙත පැමිණි ගුරුවරියන් . . .

Mon Nov 21 , 2022
අද දිනයේ ප්‍රදේශ කිහිපයක පාසල්වල ගුරුවරියන් සාරිය හා ඔසරිවලින් තොරව සැහැල්ලු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණ සිටියහ. ඔසරිය හා සාරිය වෙනුවට වෙනත් සුදුසු සැහැල්ලු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවසර දෙන්නැයි ගුරු සංගම් විසින් රජයට පසුගියදා ඉල්ලීමක් කරන ලද නමුත් රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් අද දිනයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x