ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක් සදහා අත්හිටවූ තරග තහනමක් සහ ඩොලර් 5,000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. චාමික කරුණාරත්න 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී විනය විරෝධීව හැසිරුනේ එල්ල වූ චෝදනා ඔප්පු වීම මත මෙම පියවර ගෙන ඇත. චාමික කරුණාරත්නට සෑම ආකාරයේම […]

තමන් මන්ත්‍රීවරයෙක් නොව අමාත්‍යවරයෙක් නිසා ‘ඇමතිතුමා’ කියා කතා කරන්නයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක  අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ඔහුට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම සඳහා වෙලාව ලබාදීමේදී කතානායකවරයා ‘කතාකරන්න මන්ත්‍රීතුමා’ යැයි ආරාධනා කළ අවස්ථාවේ ඔහු මෙසේ පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහට පින් සිදුවෙන්න තමන්ට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදී ඇති නිසා තමන්ට ඇමතිතුමා ලෙස […]

රාජ්‍ය ආයතනය පුද්ගලීකරණය ආරම්භ කළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ අදහස් පළ කළේය. ‘විපක්ෂ නායක තුමා කිව්වා පාඩු ලබන ඒවා විකුණන්න. ලාභ ලබන ඒවා විකුණන්න එපා.. කුණු කොල්ලයට කියලා. මේ රටේ පුද්ගලීකරණය කරන එක […]

එදා කර්මාන්ත ඇමැති ලෙස, බියගම යූරියා කර්මාන්ත ශාලාව පාඩු ලබන තත්ත්වයට පත්කර විකුණා දැමූ, යභපාලන ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස, ශ්‍රී ලංකාවේ සමස්ත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 17න් අවුරුදු හතරහමාරකට ඩොලර් බිලියන 12.5ක්ම ලබගත් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ “වැදි බණවලින්” පවතින ආර්ථික අර්බුදය ජයගත හැකි යැයි උත්තර ලංකා […]

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් කිහිප දෙනෙකුට කොළඹ 7 ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසකදී පහරදීමක් සිදුව තිබේ. අමාත්‍යවරයාගේ නිවසේ විදුලි බිල නොගෙවීම මත එහි විදුලි සැපයුම විසන්ධි කිරීම සඳහා ගිය සේවකයන් කිහිප දෙනෙකුට මෙම පහර දීම සිදුව ඇත. අදාළ නිවසේ රුපියල් ලක්ෂ 2කට වඩා හිග විදුලි බිලක් ගෙවීමට ඇති නිසා එම විදුලිය […]

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන් සඳහා විකිණීමට ගෙන ඇති තීරණය අයවැය යෝජනාවෙන් වහාම ඉවත් කර ගන්නා ලෙස ටෙලිකොම් වෘත්තීය සමිති, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. ඒ අනුව ලයිකා මොබයිල් සහ අදානි යන සමාගම් සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව රට පුරා හෙට (23දා) සිට දැවැන්ත විරෝධතා […]

කතරගම ප්‍රදේශයේ පාසල් 05 ක ගුරුවරු සිය ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. සෙල්ලකතරගම මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට පවසමින් එයට විරෝධය පළකිරීම සඳහා මෙලෙස පාසල් 05 ක ගුරුවරු අධ්‍යාපන කටයුතුවලින් ඉවත්ව ඇත. ගුරුවරුන් චෝදනා කරන්නේ තම දරුවාට පහරදුන් බවට මවක් විසින් කළ අසත්‍ය චෝදනාවක් […]

ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම දුම්රිය ස්ථානයේ සංඥාා බිඳ වැටීමක් හේතුවෙන් දුම්රිය 10 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය කිරීමට නොහැකිව නවතා තිබීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ. සේවය අවසන් කර නිවෙස් බලා යමින් සිටි ජනතාව පැයකට ආසන්න කාලයක් දුම්රිය තුළ හිරවීමෙන් දැඩි අපහසුතාවට පත්වූ බවත් ඇතැම් මගීන් ක්ලාන්ත තත්වයට පත්වූ බවත් දැනගන්නට […]

වයස අවුරුදු 15 දී ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්ය කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙම චක්‍රලේඛයට අනුව නිසි වයසේදී හැඳුනුම්පතක් ලබා නොගන්නා පුද්ගලයන් එම වයස ඉක්මවා හැඳුනුම්පත් ඉල්ලුම් කරන අවස්ථාවන්හිදී ඔවුන් රුපියල් 2,500/= ක දඩයකට යටත් කිරීමට හැකි බව එම චක්‍රලේඛයේ මගින් පෙන්වා දී ඇත. […]

හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂට 2,578 ක පෞද්ගලික කාර්ය මණ්ඩලයක් සිටි බවත් මෛත්‍රිපාල සිරිසේනට එම කාර්ය මණ්ඩලය 1,317 ක් සිටි බවත් අනාවරණය වී ඇත. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ “අද” පුවත්පතේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මෙම තොරතුරු හෙළිකර ඇති අතර විකල්ප ප්‍රතිපල්ති කේන්ද්‍රය 2019 දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම තොරතුරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.