චාමික කරුණාරත්නට වසරක තරග තහනමක් සහ දඩයක් . . .

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක් සදහා අත්හිටවූ තරග තහනමක් සහ ඩොලර් 5,000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

චාමික කරුණාරත්න 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී විනය විරෝධීව හැසිරුනේ එල්ල වූ චෝදනා ඔප්පු වීම මත මෙම පියවර ගෙන ඇත. චාමික කරුණාරත්නට සෑම ආකාරයේම ක්‍රිකට් තරග සඳහා වසරක අත්හිටවූ තහනමක් පැනවෙයි.

ඕස්ට්‍රේලියාවේ පැවති 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු එරට සමාජ ශාලාවක ගැටුමක් ඇති කර ගත් බවට චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පත් කරන ලද පරීක්ෂණ කමිටුව හමුවේ එම චෝදනා ඔප්පු වී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගුරුවරුන් බදවා ගැනීමේ ක්‍රමවේදය වෙනස්වේ . . .

Thu Nov 24 , 2022
ගුරු වෘත්තීය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ යම් වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා. අද (24) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඒ අනුව ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. “අපිට පිරිසක් මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x