පුද්ගලීකරණයේ ආරම්භය රණසිංහ ප්‍රේමදාස . . .

රාජ්‍ය ආයතනය පුද්ගලීකරණය ආරම්භ කළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ අදහස් පළ කළේය.

‘විපක්ෂ නායක තුමා කිව්වා පාඩු ලබන ඒවා විකුණන්න. ලාභ ලබන ඒවා විකුණන්න එපා.. කුණු කොල්ලයට කියලා. මේ රටේ පුද්ගලීකරණය කරන එක පටන් ගත්තේ ඉතින් ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ. මමයි ඒක ආරම්භ කළේ.. කර්මාන්ත ඇමති හැටියට. අපි පළමුවෙන්ම විකුණුවේ යුනයිටඩ් මෝටස්. ලාභ ලබන ආයතනයක්. දෙවනුව සිලෝන් ඔක්සිජන්. ලෙදර් කෝපරේෂන්. ටයර් කෝපරේෂන්. ලංකා මිල්ක් ෆුඩ්. මේ ඔක්කොම ලාභ ලබපු ඒවා. ඊළඟට වැවිලි සමාගම්. 77 ජයවර්ධන ආර්ථිකය විවෘත කළා. ප්‍රේමදාස 89 ඊළඟ පියවර ගත්තා. ඒ තමයි රජයේ පාලනය ඉවත් කරන්න. සමහර අංශ පුද්ගලික අංශයට භාර දෙන්න. මේක අපි උදාහරණයක් කරගත්තේ චීනයෙන්. දැනුත් බලන්නේ ඒක කරන්න. අපි බැලුවේ ලාභ ලබන ඒවා කරන්න. ඊයේ මහින්ද රාජපක්ෂ කිව්වා අලාභ ලබන ඒවා විතරයි විකුණන්න ඕනේ කියලා. අද එතුමගේ සහයෝගයට විපක්ෂ නායකතුමත් කියනවා අලාභ ලබන ඒවා විතරයි විකුණන්න ඕනේ කියලා. ඔන්න ඔබතුමාට හොඳ අනුගාමිකයෙක් ඉන්නවා’

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල්ට පින් සිදුවෙන්න රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබූ චාමර සම්පත් . . .

Wed Nov 23 , 2022
තමන් මන්ත්‍රීවරයෙක් නොව අමාත්‍යවරයෙක් නිසා ‘ඇමතිතුමා’ කියා කතා කරන්නයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක  අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ඔහුට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම සඳහා වෙලාව ලබාදීමේදී කතානායකවරයා ‘කතාකරන්න මන්ත්‍රීතුමා’ යැයි ආරාධනා කළ අවස්ථාවේ ඔහු මෙසේ පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහට පින් සිදුවෙන්න තමන්ට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදී ඇති නිසා තමන්ට ඇමතිතුමා ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x