විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට පහර දුන් හිටපු අමාත්‍යවරයා . . .

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් කිහිප දෙනෙකුට කොළඹ 7 ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසකදී පහරදීමක් සිදුව තිබේ.

අමාත්‍යවරයාගේ නිවසේ විදුලි බිල නොගෙවීම මත එහි විදුලි සැපයුම විසන්ධි කිරීම සඳහා ගිය සේවකයන් කිහිප දෙනෙකුට මෙම පහර දීම සිදුව ඇත. අදාළ නිවසේ රුපියල් ලක්ෂ 2කට වඩා හිග විදුලි බිලක් ගෙවීමට ඇති නිසා එම විදුලිය විසන්ධි කිරීමට අද පෙරවරුවේ සේවකයන් කිහිපදෙනකු ගොස් ඇති අතර එහිදී ඇති වූ බහින් බස් වීමක් මත මෙම පහරදීම සිදුව ඇතැයි වාර්තා වෙයි.

මෙම හිටපු අමාත්‍යවරයා අවස්ථා කිහිපයකදීම පක්ෂ මාරු කර ඇති පුද්ගලයකු වන අතර දේශපාලන පවුලකින් පැවත එන්නෙකි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වධකාගාරයක් වූ බියගම පොහොර කර්මාන්ත ශාලාව . . .

Wed Nov 23 , 2022
එදා කර්මාන්ත ඇමැති ලෙස, බියගම යූරියා කර්මාන්ත ශාලාව පාඩු ලබන තත්ත්වයට පත්කර විකුණා දැමූ, යභපාලන ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස, ශ්‍රී ලංකාවේ සමස්ත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 17න් අවුරුදු හතරහමාරකට ඩොලර් බිලියන 12.5ක්ම ලබගත් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ “වැදි බණවලින්” පවතින ආර්ථික අර්බුදය ජයගත හැකි යැයි උත්තර ලංකා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x