කාසල් රෝහලේ විදුලි බිල්පත් හිගය කෝටි තුනයි . . .

රුපියල් කෝටි තුනකට අධික හිග විදුලි බිල්පත් පියවීමර පියවර නොගත හොත් කාසල් වීදියේ කාන්තා රෝහලට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම දැඩි අවදානම් තත්ත්වයකට මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය දන්වා ඇත.

මෙම හිග බිල්පත් සම්බන්ධයෙන් සිහිකැඳවීම් ලිපි රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීමටද මණ්ඩලය පියවර ගෙන තිබේ. එමඟින් දැනුම් දී ඇත්තේ මාස පහක බිල්පත් ගෙවිම් කරන ලෙසත් 2018 වසරට අදාල නඩත්තු ගෙවීම් හා සැපයුම් ධාරිතාව වැඩි කිරීමට අදාල මුදල් ගෙවා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා ගන්නා ලෙසත්ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහ බැංකුවේ කාර්‍යය සඳහා අත දාන්න එපා . . .

Thu Nov 24 , 2022
රටේ පොලී අනුපාත හා විදේශීය විනිමය අනුපාතයන් තීරණය කිරීමට බලය පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවට බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි. එම කාර්යය සඳහා වෙනත් අය මැදිහත් වෙනවාට තමා අකමැති බවද හෙතෙම කියා සිටියි. ෆිසිකල් තීන්දු තීරණ ගන්නා ඇතැම් අය මූල්‍ය ප්‍රතිපත්තිය පාලනය කිරීමට යාම ගැන තමාගේ කිසිදු පැහැදීමක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x