වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි සාමාන්‍ය අරගලකරුවන් නොවේ . . .

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කාර වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සාමාන්‍ය අරගලකරුවන් නොව, ත්‍රස්තවාදී පුද්ගලයින් බව දැනට කර ඇති විමර්ශන වලින් අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

“දැන් අපි අපේ විමර්ශන කරගෙන යන කොට අපිට දැනට පෙනී යන්නේ මේ ගොල්ලෝ ත්‍රස්තවාදී පිරිසට අයත් පුද්ගලයින්. සාමාන්‍ය අරගලකරුවන් නෙමෙයි. සාමාන්‍ය අරගලකරුවෝ දැනුත් අපි එක්ක සාකච්ඡා කරනවා . අපි මුණගැහෙනවා. ඒගොල්ලන්ගේ කිසි ප්‍රශ්නයක් නැහැ. අන්තිමේදී ඒ ගොල්ලොනුත් ගෝල්ෆේස් එකෙන් එළියට තල්ලු වෙලා. මේ කට්ටිය ගෝල් ෆේස් එක අතට ගත්තා.”  අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කළේ ඉදිරියේදී මෙම විමර්ශනයට අදාළ තවත් තොරතුරු හෙලිදරව් වනු ඇති බවයි.

“විමර්ශන කරගෙන යනවා. හෙට අනිද්දා හුඟක් දේවල් දැන ගන්න පුලුවන් වෙයි. කව්ද මේ ගොල්ලන්ට සල්ලි වියදම් කෙරුවේ, මේ ගොල්ලන්ට හෝටල් වල ඉන්න සල්ලි ගෙව්වේ කව්ද? ඉතින් ඒවගේ ලොකු නම් සමහර විට එළියට එන්න පුලුවන්. ඉතින් අපි ඒ විමර්ශන කරගෙන යනවා.” ටිරාන් අලස් සඳහන් කළේය.

ඔහු කියා සිටියේ ‘අරගලය තුළින් ආණ්ඩු පෙරළීමට ඇතැම් පාර්ශව තැත් කරන’ බවය.

“මං හිතන්නේ පොලිසිය ගැන කතා කරන ඒ අය සංතෝෂයි මේ අරගල වෙනවාට. ප්‍රශ්න ඇතිවෙනවට. මහ පාරේ ප්‍රශ්න ඇතිවෙනවාට. ඒගොල්ලෙන් හිතනවා එහෙම හරි ගිහිල්ලා මේ ආණ්ඩුව පෙරළලා එන්න පුලුවන් කියලා.” අමාත්‍යවරයා සඳහන් කළේය.

‘ප්‍රශ්න ඇති කරන්නේ පෙරටුගාමීන්’

අමාත්‍ය ටිරාන් අලස් පවසන්නේ ‘සියලු ප්‍රශ්න ඇතිකරනු ලබන්නේ පෙරටුගාමීන්’ බවය. “පෙරටුගාමී පිරිස තමයි සියලු ප්‍රශ්න ඇති කරන්නේ. කඩාකප්පල්කාරී වැඩ කරන්නේ. රජය පෙරළන්න හදන්නේ. මේ කට්ටිය. මේ කට්ටියට අපි තදින්ම ක්‍රියාත්මක වෙනවා. ඒකෙ වචන දෙකක් නැහැ.”

“දැන් පොලිසිය කළ යුතු දේ කරනවා. විපක්ෂය මොනතරම් කෑගහුවත් අපි නීතිය හැටියට තමා කරන්නේ.”තමා ධුරයේ සිටින තුරු නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.

“මට වගකීමක් භාර දීලා තියෙනවා. ඒ දේ කරනවා. පොලිසියේ සමහර නිලධාරීන් ඉන්නවා නම් ඒ දේ කරන්න කැමති නැති ඒගොල්ලන්ට යන්න පුලුවන්. ඒ ගොල්ලන්නට වෙන තැනක් හොයා ගන්න පුලුවන් අපිට ඕන තැනකට ට්‍රාන්සර් එකක් දෙන්න පුලුවන්.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

– BBC

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උතුරු නැගෙනහිර සුබසාධන කඳවුරු වසා දමයි . . .

Fri Nov 25 , 2022
එල්.ටී.ටී.ඊ යුධමය තත්ත්වය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්ව සිටි පවුල් 273,498 න් පවුල් 271,171 ක් මේ වනවිට නැවත එම ප්‍රදේශවලම පදිංචි කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය පවසයි. එම අංශයේ වාර්තා අනුව තවදුරටත් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි කිරීමට ඇත්තේ පවුල් 2,327ක් බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x