අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස පුන පුනා ඉල්ලා සිටියා . . .

තමන්ට අගමැතිකම ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යැවුයේ තමාගේ තනි මතයට නොව පක්ෂයේ සියලු දෙනාගේ අදහස මත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ඒ හැර තමන් මල් වට්ටියක් රැගෙන ගොස් අගමැති කම ලබා ගැනීමට ඉල්ලුම් පතක් කිසිදිනෙක ඉදිරිපත් නොකල බවද හෙතෙම කියා සිටියේය. රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ලිපියට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කලේය.

ගෝඨාභය රාජපක්ෂ තමාට අවස්ථා කිහිපයකදීම අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ඉල්ලීම් පුන පුනා කළ බවද පැවසූ ඔහු ඊට ලිඛිතව පිළිතුරක් යැවූ බව ද සජිත් පේමදාස සඳහන් කළේය. එහිදී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කොන්දේසි හතරක් තමන් ඉදිරිපත් කළ බවද පවසන ඔහු නිශ්චිත කාලයක් එහි එක් කොන්දේසියක් බවද පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල් නැහැදිච්ච මිනිහෙක් . . .

Fri Nov 25 , 2022
පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ බලාගෙන ඉන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූ බවත් මින් පෙර කිසිදු නායකයෙක් මෙවන් කතාවක් කියා නැති බවත් පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ සඳහන් කරති. පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ හරියට කළ නිසා අදටත් මේ රට රැකී ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ. රට ආරක්ෂා වී රනිල් වික්‍රමසිංහට ඔය පුටුවේ වාඩි වෙන්නට හැකියාව ලැබුණේද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x