මිනිස් ජාවාරමේ නවතම හුවමාරු මධ්‍යස්ථානය . . .

නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදා ගනිමින් ඉතාලිය වෙත රැගෙන යාමේ මිනිස් ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු ලැබී තිබෙනවා .

එලෙස අන්තරායකාරී ලෙස ඉතාලිය බලා යාත්‍රා කළ බෝට්ටු කිහිපයක්ම අනතුරට ලක්වී අවතැන් වූ පිරිස අතර, ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද සිටින බැවින්, මෙම නීතිවිරෝධි ක්‍රියාවලිය හා අනතුරුදායක බව පිළිබඳව ලෙබනනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දීමක් සිදුකර ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

මෙවැනි ජාවාරම්කරුවන්ට හසුවී තම වටිනා ජීවිතය අනතුරේ නොහෙලන ලෙස හා තම මුදල් නාස්ති කර නොගන්නා ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මෙවැනි ජාවාරම් සිදුකරන පුද්ගලයින් පිළිබදව තොරතුරු දන්නේ නම්, පහත සඳහන් කර ඇති දුරකථන අංක මගින් දැනුම් දෙන ලෙස ද කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පැය 24 තොරතුරු මධ්‍යස්ථානය – 1989

ක්ෂණික ඇමතුම් අංකය, විමර්ශන අංශය – 0112864214

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සවුදිය ජලයෙන් යටවේ . . .

Fri Nov 25 , 2022
අයහපත් කාලගුණය හේතුවෙන් , සවුදි අරාබි වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල පාසල් ද වසා දැමීමට සිදුව තිබේ. එමෙන්ම මක්කම දක්වා දිවෙන මාර්ග අවහිරවීමෙන් බැතිමතුන්ට ද බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෑම වසරකම මෙම කාලසීමාවේදී ජෙඩා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x