සමපෝෂ විකිණීම තහනම් කරයි . . .

සමපෝෂ නම් වෙළෙඳ නාමයෙන් යුත් අතිරේක ධාන්‍ය ආහාරය බෙදා හැරීම විකිණීම තහනම් කරමින් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ එම ආහාර වර්ගයේ ඇෆ්ලටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙනි.

ඒ අනුව මොරවක අධිකරණ බල සීමාව තුළ මෙම නිෂ්පාදනය විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමටත් දැනට වෙළඳපොලේ පවතින නිෂ්පාදන තොග වහාම ඉවත් කිරීමට ද නියෝග කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම නිෂ්පාදන අත් අඩංගුවට ගෙන ඒවා පරීක්ෂාවට යවා ඇෆ්ලටොක්සින් ප‍්‍රමාණය ඉක්මවා ඇති බවට හෙලිව ඇතැයි අධිකරණයට කරුණැ වාර්තා කර තිබිණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කරන්දෙණිය සමෘද්ධි බැංකුවේ විශාල මුදල් වංචාවක් . . .

Fri Nov 25 , 2022
කරන්දෙණිය සමෘද්ධි බැංකුවේ සිදු වි ඇතැයි කියන රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදල් වංචාවක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණය ආරම්භ කල බව ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය කියයි. සමෘද්ධිලාභින්ගේ සහනාධාර තැන්පතු හා සමෘද්ධි සහනාධාර ගෙවීම් වලදී මෙසේ රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදල් වංචා සහගත ලෙස සිය පරිහරණයට බැහැර කරගෙන ඇත්දැයි පරික්ෂණ සිදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x