පක්‍ෂ නායකත්වය දයාසිරිට . . .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ප්‍රතිසංවිධානය කරමින් සිටියදී ඇතැමුන් පක්‍ෂ නායකත්වයට දයාසිරි ජයසේකර පත්වීමේ වැයමක් ඇති බවට බිය වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

නමුත් තමන් කිසිම අවස්ථාවක නායකයාගේ කකුලෙන් ඇද කටුව ගසන අයකු නොවන බවද ඔහු පැවසීය. අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතිව තිබෙන මතබේදයට ප්‍රධාන හේතුවක් වූයේ පෞද්ගලික මට්ටමෙන් ඊර්ෂ්‍යාව හා වෛරය බවද හෙතෙම කියා සිටී. නියපොත්තෙන් කඩා දැමිය හැකිව තිබූ දේ අවසානයේ පොරොවෙන් කපන තැනට වර්ධනය වූ නමුත් මේ වන විට කුණු කන්දල් පක්ෂයෙන් ඉවත් කර ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

A9 ක් ගත් දෙනෙත් අහිමි දිරිය දියණිය . . .

Sun Nov 27 , 2022
    දෑස නොපෙනුනත් මගේ – වැඩිය පාඩු නෑ… ඇගිලි තුඩින් අතගගා – ඉගෙනගන්නෙ මා…       ඒ ගීතය හරියටම වැටහුණේ අදය. ඒ, හිමාෂා කාවින්දයා හේරත්ගේ කතාව ඇසූ පසුය. ඇය සැබෑ දක්ෂ දැරියකි. උපතින් දෙනෙත් අන්ධ බව ඇයට ජීවිතය ජයගන්නට කිසිදු බාධාවක් වී නැත. මේ පුංචි කෙල්ල ඒ සමාර්ථ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x