පුටු අතර තනිවූ මෛත්‍රීපාල . . .

අද (26 ) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැත්වුණු බුද්ධිමය අරගලය විසින් සංවිධානය කරන ලද රට ගොඩනගන අර්බුද විසඳුන ජාතික සංවර්ධනය එළිදැක්වීමේ උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන එක් වුණා. නමුත් මෙම අවස්ථාවට ජනතාව නොපැමිණි බවයි වාර්තා වන්නේ .

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසයි හිටපු ජනාධිපතිවරයා එක්ව සිටියේ. රට ගොඩනගන, අර්බුද විසඳන ජාතික සංවර්ධන සැලසුමේ පළමු කෘතිය නිල වශයෙන් හිටපු ජනාධිපතිවරයාට පිළිගැන්වීම සිදු කරනු ලැබුවා. නමුත්, මෙම උත්සවය සඳහා විශාල පිරිසකට අසුන් වෙන් කර තිබූ අයුරු දක්නට ලැබුණ ද, ඒ සඳහා පැමිණ සිටියේ හිටපු ජනාධිපතිවරයා සමග තවත් 10 දෙනෙකු පමණක් බවයි සඳහන් වන්නේ .

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නන්දලාල් වීරසිංහ ඊළග ජනාධිපති අපේක්‍ෂක ? . . .

Sat Nov 26 , 2022
මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ ඊළග ජනාධිපති අපේක්ෂක වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සඳහන් කරයි. මහබැංකු අධිපතිවරයාට එවන් සැලසුමක් ඇති බවත් ඔහු දැනටමත් ඒ සඳහා වැඩ ප්‍රචාරක වැඩසටහනක් අරඹා ඇති බවත් හෙතෙම කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x