ගෘහ සේවිකාවන්ට ලිංගික අතවර කල කුෂාන් අත්අඩංගුවට . . .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 3 වන ලේකම් ඊ. කුෂාන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 13 වන දා දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස කටයුතු කළ ඊ. කුෂාන් නමැති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (නොවැ. 29) අලුයම අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

ඕමානයේ මස්කට් නුවර සිට අද (නොවැ. 29) අලුයම 3.57ට කටුනායක ගුවන්තොපොළ වෙත පැමිණි යානයෙන් ඔහු දිවයිනට පැමිණ තිබිණි.

සංචාරක වීසා මත ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම, මිනිස් ජාවාරම් කිරීම ඇතුළු දූෂණ චෝදනා රැසක් ඔහුට එරෙහිව එල්ල වී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බලය විසන්ධි කරයි . . .

Tue Nov 29 , 2022
ලක්ෂ 5 ඉක්මවූ විදුලි ගාස්තුවක් නොගෙවීම හේතුවෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බලය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ හේතුවෙන් එහි වැඩවසන භික්ෂූන් වහන්සේලා දෙසියක පමණ පිරිසක් අපහසුතාවට ලක්ව සිටින බව සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියෝ කියා සිටිති. මෙම ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු වූයේ ඉතිහාසයේ පළමු අවස්ථාවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x