මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය වන්නේ අංගුලිමාලලා දේවදත්තලා ගැන කතා නොව කුසගින්නට බත් කටක් යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පැවසීය.
ආණ්ඩුව දේවදත්තයකු වී ජනතාවගේ කුස මතට ගල් පෙරලමින් සිටින බව කී මුජුබුර් රහුමාන් බදු පිට බදු පනවමින් අංගුලිමාල සේ මිනිසුන්ගේ ඇඟිලි කපා ගනිමින් සිටින බව කීය.
ජනතාව අංගුලිමාල කතා පස්සේ දුවමින් සිටින විට ආණ්ඩුව නමැති දේවදත්තයා ජනතාවගේ හිස මතට තව මොන ගලක් පෙරලන්නට කැස කවමින් සිටින්නේ දැයි නොදන්නා බව ද මුජිබුර් රහුමාන් පැවසීය.
සමගි ජන බලවේගයේ මැද කොළඹ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මුජුබුර් රහුමාන් මේ බව කීය.
- අංජුල මහික වීරරත්න