තවත් භයානක රෝගයක් මෙරට පැතිර යයි . . .

කුඩා ළමුන් අතර මේ දිනවල ඉතා වේගයෙන් පැතිරයන උණ රෝග තත්ත්වයක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝ‍හලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. මේ අතර ඉන්ෆ්ලුවෙන්සා මෙන්ම ඩෙංගු උණ රෝගීන් ද බහුලව වාර්තා වන බවයි දීපාල් පෙරේරා පැවසුවේ.

උණ සමග කැස්ස, හෙම්බිරිසාව සහ සමහර අයට වමනය යාම වැනි රෝග ලක්ෂණ ළමුන්ට පෙන්නුම් කරන බව ද ඔහු කියා සිටියා. විවේකය ලබාදීම, දියර ආහාර ලබාදීම, පැරසිටමෝල් මාත්‍රාවක් ලබා දී ළමුන් නිවසේ තබාගන්නා ලෙසත් හදිසිම අවස්ථාවක එළියට යනවානම් මාස්ක් එකක් පළඳින ලෙසත් වෛද්‍යවරයා ඉල්ලා සිටියා.

විශේෂයෙන්ම මොන්ටිසොරි, දිවා සුරැකුම් මධ්‍යස්ථාන වලට යන ළමයින්ට රෝග ලක්ෂණ තිබේ නම් ඔවුන් නිවසේ තබා ගන්නා ලෙසත් දැනුම්දෙනවා.

දවස් තුනකට වැඩිය උණ තිබේනම් සම්පුර්ණ රුධිර පරික්ෂාවකට (ෆුල් බ්ලඩ් කවුන්ට්) දරුවාව යොමුකරන ලෙසත් වෛද්‍යවරයා අවධාරණය කළා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

A9ක් ගත් ගාල්ලේ නිවුන් සොහොයුරියන් . . .

Wed Nov 30 , 2022
පසුගිය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 බැගින් ලබා ගත් නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු පිළිබඳව ගාල්ල, මාපලගම ප්‍රදේශයෙන් වාර්තා වේ. අප වාර්තාකරු පැවසුවේ, ගාල්ල උඩුගම අධ්‍යාපන කලාපයට අයත් මාපලගම සිරිසුනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලැබූ නිවුන් සොයුරියන් දෙදෙනෙකු මෙම දක්ෂතාව දක්වා ඇති බව ය. දිනුමි නිම්සරා ඈපා සහ රසරි රන්සරා ඈපා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x