පාස්පෝට් එක්දින සේවා සේවා ගාස්තුව 20,000/= . . .

එක්දින සේවාව යටතේ මේ දිනවල දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර 2,500ත් 3,000ත් අතර ප්‍රමාණයක් නිකුත්කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් මීට පෙර සාමාන්‍යයෙන් එක්දින සේවාව යටතේ නිකුත් කර ඇත්තේ විදෙස් ගමන් බලපත්‍ර 1,500 පමණ ගණනකි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව හෙළිකෙරිණි.

එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 20,000/= ක් අයකෙරේ.

එසේම යමෙක් ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයක් වසරක් ඇතුළත අස්ථාන ගත වුවහොත් රුපියල් 20,000/=ක දඩයක් අයකෙරේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

එළවළු මිල තවදුරටත් ඉහල යයි . . .

Wed Nov 30 , 2022
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවක් කැදවමින් සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසා සිටියේ එළඹෙන නත්තල් උත්සව සමයේ ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් වෙලදපොළට ලබාදිට නොහැකි විම හමුවේ දේශිය වෙලදපොලේ එළවළු මිල තවදුරටත් ඉහල යන බවයි. අරුණ ශාන්ත හෙට්ටිආරච්චි අද (30දා) නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවක් කැදවමින් ඒ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x