SSP සහ ASP ට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කෙරේ . . .

මාධ්‍යවේදී තරිදු ජයවර්ධන විසින් පැනවූ SSP සහ ASP ට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කෙරේ.
සාමකාමී විරෝධතා පෙළපාලියක් අවහිර කිරීම පිණිස මාර්ග බාධක යෙදීම තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ 332 වගන්තිය වන අයුතු අවහිරය කිරීම සහ ජාතික මං මාවත් පනතේ 59 (1) වගන්තිය උල්ලංඝණය වූ බැව් පවසා. මාධ්‍යවේදී තරිදු ජයවර්ධන විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකණයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් සහ සහකාර පොලිස් අධිකාරි නලීන් දිල්රුක්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(1) (අ) යටතේ ගොනුකර තිබු පෞද්ගලික පැමිණිල්ල විභාගයට ගැනීමෙන් තොරව නිෂ්ප්‍රභ කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුපසුගියදා (25) දින නියෝග කළේය.
එම පැමිණිල්ලට අදාලව පැමිණිලිකරු තරිදු ජයවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර,නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ෂමින්ද්‍ර වික්‍රම පෙනී සිටින ලදී. එහිදී ෂමින්ද්‍ර වික්‍රම පෞද්ගලික පැමිණිල්ලට දැඩි විරෝධය පළ කරමින් කියා සිටියේ පැමිණිලිකරු විසින් කරුණු යටපත් කර ඇති බවත් පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කිරිමට නීතිපතිවරයාගේ අවසරය අත්‍යවශ්‍යය බවත්, මෙලෙස නීතිපතිවරයාගේ අනුමැතිය නොමැතිව නඩු පැවරීම තුලින් රෙක්ස් එදිරිව මීරා සයිබු නඩුවේ සදහන් පරිදි පැමිණිලිකරු සිය නීතීඥවරයා මාර්ගයෙන් කරුණු වසන් කර අධිකරණය “ගණිකාවක් ” ලෙස භාවිතා කිරීමට කටයුතු කර ඇති බවය.
එයට පිළිතුරු වශයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරීස් පෙන්වා දුන්නේ අයුතු ජනරාශියක් නොතිබූ බවත් කරුණු වසන් කිරීමක් නොවු බවත්ය.
නීතිපතිවරයාගේ ස්ථාවරය පිළිගනිමින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නඩුව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියේ යම් නීති විරෝධි රැස්වීමක් හෝ අපරාධමය වරදක් සිදු වන්නේ නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට පොලිසියට බලය ඇති බැවින්, මෙම නීති කෘත්‍යය විභාගයට ගැනීමෙන් තොරව මුල් අවස්ථාවේදිම නිෂ්ප්‍රභ කරන බවය.
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගැට කැපු තරුණිය අල්ලා පොලිසියට භාරදේ . . .

Fri Dec 2 , 2022
බස් රථ වල ගමන් ගන්නා මගින්ගේ මුදල් පසුම්බි සහ දුරකථන ගැට කපන සංවිධානාත්මක කාන්තා කණ්ඩායමක නායිකාවක් මගියෙකු විසින් අල්ලා හැටන් පොලිසිය වෙත (02) දින භාර දි ඇත. තලවකැලේ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයකට හැටන් කුඩාගම ප්‍රදේශයේදි ගොඩ වු කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් කාන්තාවක් බස් රථයේ ගමන් ගත් තරුණයෙකුගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x