චාල්ස් රජුගේ රාජාභිෂේකය සදහා නවීකරණයවන ඔටුන්න . . .

ලබන වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් එළිසබෙත් රැජිණ පැළඳවූ කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව බකින්හැම් මාළිගය නිවේදනය කරනවා.

මෙය හැඳින්වෙන්නේ ශාන්ත එඩ්වර්ඩ් කිරුළ ලෙසයි. රාජකීය සම්ප්‍රදායට අනුව බ්‍රිතාන්‍ය රාජකීයත්වයට පත්වන නව රජු හෝ රැජිණ රාජාභිෂේකය සිදුකරන අවස්ථාවේදී මෙම ඓතිහාසික කිරුළ පැළඳවීම සිදුකරනු ලබනවා. ඔටුන්න රැගෙන යාමේ පුවත රහසක් ලෙස තබාගෙන ඇති අතර එය මේ වනවිට රඳවා ඇති ස්ථානය අනාවරණය නොකිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.

රාජාභිෂේකය සඳහා ශාන්ත එඩ්වර්ඩ්ස් ඔටුන්න පළමුවරට යොදාගෙන ඇත්තේ 1661 වසරේ දෙවැනි චාල්ස් රජු වෙනුවෙනි. තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය යෙදී ඇත්තේ, ලබන වසරේ මැයි 6 වැනිදාටය.

එය වෙස්ට්මින්ස්ටර් ඇබේ හිදී පැවැත්වෙනු ඇත. ඒ දෙවැනි එලිසබත් රැජිනගේ අභාවයෙන් සහ චාල්ස් රජුගේ පදවි ප්‍රාප්තියෙන් මාස 8කට පසුව වීම විශේෂත්වයකි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි අර්බුදය අස්සේ කැලණිතිස්සත් නවතියි . . .

Mon Dec 5 , 2022
  මේ වන විට ශ්‍රී ලංකාව තුළ උග්‍ර විදුලි අර්බුදයක් අතර පෙරේදා (දෙසැ. 3) මධ්‍යම රාත්‍රියේ සිට මැද කැලණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරයද අක්‍රීය වී තිබෙනවා. විදුලිබල මණ්ඩලය ඉන්ජිනේරුවන්ගේ සංගමය පවසන්නේ, අවශ්‍ය නැප්තා ඉන්ධනය අවසන් වීම හේතු වී ඇති බවයි. මෙම බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක ධාරිතාවක් උත්පාදනය කරනු ලබනවා. පසුගිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x