පිටරටින් මාළු ගෙන්වීමට අවසර . . .

හොඳින් මත්ස්‍ය අස්වනු ලැබෙන වළාල සමයේදී පිටරටින් මසුන් මෙරටට ගෙන්වීමට ධීවර අමාත්‍යංශය අවසර දීම හේතුවෙන් ධීවර කර්මාන්තය කඩා වැටෙමින් පවතින බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු  පැවසීය.

ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ වැඩිපුර මත්ස්‍ය අස්වනු ලැබෙන ඔක්තෝබර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වළාල සමයේ මත්ස්‍ය ආනයනය නවතාලන ලෙස බලධාරීන්ගෙන් කොතරම් ඉල්ලීම් කළද ඔවුන් ඒවාට ඇහුම්කන් නොදෙන බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම්වරයා දැඩි ලෙස අවධාරණය කළේය. ආනයනික මාළු හේතුවෙන් දේශීය මාළු මිල පහළ වැටීමත් සමඟ අධික ඉන්ධන වියදම නිසා අසරණව සිටින ධීවරයන් තවදුරටත් පීඩාවට ගොදුරු වනු ඇතැයි ඔහු සඳහන් කරයි.

කොප්පරා, තලපත් ආනයනයෙන් බහුදින ධීවර යාත්‍රාවලටත්, සැමන් මාළු ආනයනයෙන් ලින්නන් අල්ලන ධීවරයන්ටත් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව රුවන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශයෙන් සිදුකළ විමසීමකදී ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක  පවසා සිටියේ අමාත්‍යංශයද මත්ස්‍ය ආනයනය සීමා කළයුතුය යන මතයේ සිටින බවයි. ආනයන සඳහා රුපියල් 400/=ක බද්දක් මේ වනවිටත් පනවා ඇති අතර මේ දිනවල මත්ස්‍ය නිෂ්පාදනය හොඳින් සිදුවන බැවින් අත්‍යවශ්‍යම මත්ස්‍ය වර්ග පමණක් ආනයනය කිරීමට අවසර ලබා දී ඇතැයි ලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

– දේශය

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගුවන්තොටුපලේදී වෙල්ගම අසනීපවේ . . .

Mon Dec 5 , 2022
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපලේදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ. කටුනායක ගුවන් තොටුපලේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු ගුවන්තොටුපොළේ ගිලන් රථයකින් ඔහු රෝහලට රැගෙන ගොස් ඇත. මන්ත‍්‍රීවරයා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටී.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x