විදුලි බිල වැඩි කලහොත් කර්මාන්ත ශාලා වැසී යයි . . .

විදුලි බිල වැඩිකර තවදුරටත් විදුලි කප්පාදුවක් සිදුකරගෙන ගියහොත් රට තුළ ඇති ඇඟලුම් කර්මාන්ත ශාලා වසා දමා ඉන්දියාව සහ මාලදිවයින යන රටවලට ආයෝජකයන් සිය කර්මාන්ත ශාලා ගෙන යෑමේ අවදානමක් මතුවන බව නිදහස් වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක පැවසීය.

මෙරට ඇඟලුම් ක්‍ෂේත්‍රයේ ප්‍රධාන සමාගමක් මේ මස සිය කර්මාන්තශාලා තුනක් වසා දමා ඉන්දියාවට යෑමට සැලසුම් කර ඇති බවත් ඉන් එම කර්මාන්තශාලා තුනේ සේවය කරන 5000 ක පමණ සේවකයන්ට රැකියා අහිමි වන බවත් ඔහු කීය.

දැනටමත් එම ආයතනය ඉන්දියාවට සහ මාලදිවයිනට යෑමට කැමති සේවකයන්ට පාලනාධිකාරියට දැනුම් දෙන ලෙස දන්වා තිබෙන බවද රත්නායක කීය. විදුලි ගාස්තු දෙගුණයටකත් වඩා වැඩිවීම නිසා එම ආයෝජකයන්ගේ ලාභය අඩුවී ඇති බවත් තවදුරටත් විදුලි ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු වැඩි වුවහොත් මෙරට කර්මාන්තශාලා පවත්වාගෙන යෑම නිෂ්ඵල දෙයක් ලෙස සලකා ඔවුන් මෙරට කර්මාන්තශාලා වසා දමා වෙනත් රටකට යෑමට තීරණය කර ඇති බවද හෙළිවේ.

දැනටමත් සැලකිය යුතු කර්මාන්තශාලා ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවත් සේවක කප්පාදුව සහ අතිකාල නැවතීම ඇතුළු කප්පාදු කිරීම් සිදුව තිබෙන බවත් ඔහු කීය. ගාස්තු වැඩි කිරීමෙන් පසුවත් විදුලිය කප්පාදු කිරීම නිසා කර්මාන්තශාලාවල අඛණ්ඩව සේවාවන් පවත්වාගෙන යෑමට නොහැකිවීම ද ගැටලුවක් බව හිමිකරුවන් පෙන්වා දෙන බව පැවසූ ඔහු වැසී ගොස් ඇති කර්මාන්තශාලා පිළිබඳ තොරතුරු ආයෝජන මණ්ඩලයේවත් නැතැයි ද කියා සිටියේය.

මෙරට නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදනවල මිල ඉහළ යන බවත් එම නිෂ්පාදන ලෝකයේ අනෙකුත් රටවල නිෂ්පාදන සමග තරග කිරීමේදී මෙරට නිෂ්පාදන මිලදී ගැනීම අඩුවී ඇති බවත් රත්නායක  කීය. දැනට කම්කරු දෙපාර්තමේන්තුවේ නීතියට අනුව යම් ආයතනයක් වසා දැමීමේදී සේවකයකු සඳහා රුපියල් ලක්‍ෂ 12 සිට 25 දක්වා වන්දි ගෙවිය යුතු බවද කී ඔහු පසුගියදා ජනාධිපතිවරයා විසින් මාස තුනක වන්දියක් ලබාදී සේවය අවසන් කිරීමට හැකි බව ප්‍රකාශ කිරීම පුදුමයක් බවද පැවසීය.

වන්දි ගෙවීමේදී සේවක භාරකාර අරමුදලේ ඇති මුදල්වලින් රක්‍ෂණයක් ඇතිකර ගෙවන බවට ප්‍රකාශ කර ඇතැයිද ඔහු කීය.

චමින්ද සිල්වා
– Divaina

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොහොට්ටුවේ සංවත්සරය සමරමින් බැසිල් යළිත් කරළියට . . .

Mon Dec 5 , 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය මධ්‍යස්ථානයේ සිව්වන සංවත්සරය අද (04) සමරනු ලැබුවා . ඒ පක්ෂ මුලස්ථානයේදී ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ සඳහන් කළේ, ඔවුන්ට දේශපාලනය කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ලබාදුන් අවස්ථාව මහත්සේ අගය කරන බවයි. එම නිසාම රටේ ආර්ථික ගැටලූ විසඳීමටත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x