කැබිනෙට්ටුව අලුත්වේ, ඇමතිකම් වෙනස්වේ . . .

පසුගිය සතියේ අමාත්‍යාංශ වල ප්‍රගතිය පිලිබද කැදවූ රහස්‍ය වාර්තාවේ බහුතර අමාත්‍යාංශවල ප්‍රගතිය, කාර්යක්ෂමතාව හා ඵලදායීතවය ඉතාම අවම මට්ටමක පවතින බව වාර්තා විය.

ඊට මූලිකම හේතුව අත්දැකීම් අඩු අමාත්‍යවරුන් පත්කිරීම හා කොතරම් ජේශ්ඨයින් වුවත් සමහරුන්ට තම අමාත්‍යාංශවල ඇති ගැටළු විසදාගැනීමට පවා නොහැකිවී ඇතැයි එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. තවද ඔවුන් ජනතා ප්‍රශ්න විසදනවා වෙනුවට අළුතින් ගැටළු නිර්මාණය කරගෙන ඇති අතර සභාපතිවරුන් හා ලේකම්වරුන් අතරත් ගැටුම් ඇතිකරගෙන ඇති බවත් එහිදී පෙන්වා දී ඇත.

දේශපාලනික මතභේදයන් අමතක කර පසුගිය සමයේ වැඩ කල හා අත්දැකීම් ඇති අමාත්‍යාවරුන් පත්කිරීමට සූදානම් බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. විශේෂයෙන්ම වරාය, ක්‍රීඩා, කර්මාන්ත, මහාමාර්ග,සෞඛ්‍ය , ප්‍රවාහන, විදුලිබල, වනජීවී හා පරිසර යන අමාත්‍යාංශ වෙනස්වීමට නියමිතය.

පසුගිය සතියේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ගමින් ගමට ගොස් ඇත්ත තත්වය පවසන ලෙසද ආණ්ඩුවෙන් ප්‍රකාශ කර ඇත.

– Repoter

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රටවල් පහක දේපොළ ඇති රොෂාන් රණසිංහ . . .

Wed Dec 7 , 2022
තමන්ට රටවල් පහක දේපොළ ඇතැයි වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කරයි. ඒ සියල්ල සින්නක්කර දේපල බවත් ඒවා තමන්ගේ මහන්සියෙන් උපයාගන්නා ලද ඒවා බවත් හෙතෙම පැවසීය. අමාත්‍යධූරයෙන් තමන් පෞද්ගලිකව කිසිදු දෙයක් උපයා නැති බවත් පැවසූ ඔහු ඕනෑම මොහොතක අමාත්‍යධූරය අතහැරීමට සූදානම් බවද සඳහන් කළේය. නමුත් දුගී දුප්පත් නැති බැරි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x