අලුත් මත්පැන් අලෙවිසැලට මහජන විරෝධය . . .

තලවකැලේ පුඩළුඔය ප්‍රධාන මාර්ගයේ කොත්මලේ වැවහේන මංසන්ධියේ අලුතින් මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිම සදහා සුරාබදු දෙපාර්තුමේන්තුව විසින් බලපත්‍රයක් නිකුත් කිරිමට විරෝධය පාමින් කොත්මලේ අවට ගම්වාසින් රැසක් තලවකැලේ පුඩළුඔය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් (07) දින උද්ඝෝෂණයක නිරත විය.

නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කරන පා.මන්ත්‍රිවරයෙකුගේ මැදිහත්විමක් මත එම බලපත්‍රය නිකුත් කර ඇති බවත්, මිට  ප්‍රථම එම මත්පැන් බලපත්‍රයට කොත්මලේ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට උත්සහ කර තිබුණද ඒ සදහා ප්‍රදේශවාසින්ගෙන් මතු වු විරෝධය හමුවේ මත්පැන් අලෙවි සැල විවෘත කිරිමට නොහැකි වු බවයි උද්ඝෝෂණයේ නිරත ප්‍රදේශවාසින් කියා සිටියේ.

කෘෂිකර්මාන්තය සහ තේ වගාව ජිවන උපාය වශයෙන් සිදු කරගනිමින් එම ප්‍රදේශයේ ජනතාව ජිවත් වන බවත්, වැවහේන මංසන්ධියේ අලුතින් මත්පැන් අලෙවිසැලක් විවෘත කලහොත් එම පිරිස ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදිහත් වන බවත්, ඒ නිසා එම බලපත්‍රය අවලංගු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වායු දූෂණය දෙගුණයකින් වැඩිවේ . . .

Thu Dec 8 , 2022
වායු දූෂණ ප්‍රමාණය සමාන්‍ය මට්ටමට වඩා දෙගුණයකින් වැඩි වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි පවසයි. පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ ය. ඔහු ප්‍රකාශ කර සිටියේ, පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්වසන ආබාධ සහ සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින්ට යම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x