විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට බෝනස් නැහැ . . .

ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ යැයි පවසන නිසා මෙම වසරේ එහි කිසිදු සේවකයෙකුට පාරිතෝෂිත ගෙවිය නොහැකි බව දැනුම් දුන්නේ යයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ පාඩු ලබන ආයතන වල සේවකයන්ට පාරිතෝෂිත ගෙවිය නොහැකි බවයි.

එමෙන්ම දැනට ලංකා විදුලිබල මණ්ඩලයේ පවතින විදුලි ගාස්තු ඉහළ දැමීමට තම කොමිසම එකඟ නැති බව ද පැවසූ ඔහු කොමිසම යහතින් සිටින තාක් කිසිදු පාර්ශ්වයකට විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව ද පැවසීය.

පැය හත අටක් විදුලිය කපන්නේ යයි බිය පතුරමින් විෂය භාර අමාත්‍යවරයා විදුලි ගාස්තු ඉහල දැමීමට සූදානම් වන බව ද සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සන්ධ්‍යා එක්නැලිගොඩ 100 Women ලැයිස්තුවට . . .

Thu Dec 8 , 2022
2022 සඳහා ලොව පුරා සිටින බලපෑම් කළ හැකි කාන්තාවන් 100 දෙනා ඇතුළත් 100 Women ලැයිස්තුව බීබීසී විසින් නිකුත් කරනු ලැබ තිබේ. එම ලැයිස්තුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩගේ නම ද ඇතුළත් කර ඇත. මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන සන්ධ්‍යා එක්නැළිගොඩ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී තම ආදරණීයයන් අහිමි වූ දහස් ගණන් මවුවරුන්ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x