මැණ්ඩවුස් සුලි කුණාටුවෙන් උතුරට දැඩි හානි . . .

මැණ්ඩවුස් සුලි කුණාටුව හේතුවෙන් ගෙවී ගිය දින කිහිපය තුලදී උතුරට බලපෑ අධික වර්ෂාව , සුලිසුලං සහ ගංවතුර ගැලීම් හේතුවෙන් පවුල් 820 කට අයත් පුද්ගලයින් 2770 ක් පමණ පීඩාවන්ට පත්ව ඇති අතරම නිවාසද 500 කට ආසන්න හානි සිදුව ඇතැයි උතුරු පලාත් ආපදාකලමනාකරන ඒකකය පවසයි.

මේ අතර සුලි කුණාටු තත්වයේ බලපෑම හේතුවෙන් මන්නාරම, කිලිනොච්චිය , වවුනියාව, මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්හි වගාවන් රැසකට හානි සිදුව ඇති අතරම ගොවීහු දැඩි පීඩාවන්ට පත්ව සිටින අතරම සුලි සුලං හේතුවෙන් මන්නාරම සහ මුලතිව් ධීවර කර්මාන්තයටද දැඩි බලපෑම් එල්ලවී ඇත.

අධික වර්ෂාවන් හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයට වන අතර එහි පුදුකුඩිඉරිප්පු, ඔඩ්ඩුසුඩාන්, මාන්තෙයි නැගෙනහිර, මැරිටියන්පත්තු , තුනුක්කායි ප්‍රදේශයන්හි පවුල් 346 කට අයත් පුද්ගලයින් 1,124 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති අතරම නිවාස 281 කටද හානි සිදුව ඇත.

එමෙන්ම කිලිනොච්චියේද කරච්චි, පූනකරි, කණ්ඩාවලෙයි සහ පලෙයි ප්‍රදේශයන්හි පවුල් 277 කට අයත් පුද්ගලයින් 899 දෙනෙකුද නිවාස 69 කට හානි සිදුවිය.

යාපනයේ ඩෙල්ෆ්, කයිට්ස්, නල්ලූර්, කෝපායි, කරෙයිනගර් ආදි ප්‍රදේශයන්හි පවුල් 142 කට අයත් පුද්ගලයින් 534 දෙනෙක් පීඩාවන්ට පත්ව ඇති අතර නිවාස 98 කට හානි සිදුවිය, මන්නාරමේ මඩු, මුසලී, නානාට්ටාන්හි  පවුල් 50 කට අයත් පුද්ගලයින් 184 ක් සහ වව්නියාවේ 09 කට අයත් පුද්ගලයින් 29 දෙනෙකුද පීඩාවන්ට පත්ව ඇත.

මේ අතර පවතින් අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකයන් විසින් දැනුම් දී ඇති අතර පීඩාවන්ට පත් වැසියන්ට ආරක්ෂිත ස්ථානයන් වෙතට ගොස් සිටින ලෙසටත් එම ජනතාවට ආහාර ඇතුලු සහන සැලසීමටද පියවර ගෙන ඇතැයි ආපදාකලමනාකරන නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

"ප්‍රසන්න මනි එක්ස්චේන්ජ්" විදේශ මුදල් මාරු කිරීමේ බලපත්‍රය අවලංගු කරයි . . .

Mon Dec 12 , 2022
පෞද්ගලික මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් වන ‘ප්‍රසන්න මනි එක්ස්චේන්ජ්’ පුද්ගලික සමාගමේ මුදල් මාරු කිරීමේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය එම සමාගමේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා සිදු කළ පරීක්‍ෂණයකින් අනතුරුව බලපත්‍රය ස්ථිරව අවංලගු කළ බව මහ බැංකුව කියයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x