වායු දූෂණය කොළඹන් බැහැරට . . .

මේ දිනවල අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ, ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකයට අනුව අද (10) පස්වරුව වනවිට දහවලට වඩා යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවියේ දැක්වෙන වායුගුණාත්මක දර්ශකයේ දැඩි සෞඛ්‍ය අවදානමක් සහිත නගරයක් ලෙස අද පස්වරු 6 පමණ වනවිට මන්නාරම දක්වා තිබෙනවා.

ඒ අනුව මන්නාරමේ වායු තත්ත්ව දර්ශකය ඒකක 53 මට්ටමේ පවතින අතර, කෑගල්ලේ එම දර්ශක අගය දැක්වෙන්නේ ඒකක 50 ක් ලෙසයි.කොළඹ දිස්ත්‍රික්කයේ එම තත්ත්වය ඒකක 47 ක් ලෙස දැක්වෙනවා.

කෙසේ වෙතත්, අද දහවල් කොළඹ නගරයේ වායු දූෂණය සටහන්ව තිබුණේ සෞඛ්‍යට අහිතකර අවදානම් මට්ටමක වන ඒකක හැට හතරේයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පලාත් අතර මස් ප්‍රවාහනය තහනම් . . .

Sun Dec 11 , 2022
දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් එළුමස් සහ ගව මස් ප්‍රවාහනය වහාම අත්හිටු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා. එය තාවකාලිකව අත්හිටුවීමක් වන අතර පැවති අධික ශීත කාලගුණ තත්ත්වය හමුවේ උතුර, නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් මියයාම සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය කරනු ලැබුවා.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x