පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනයට අනුමැතිය . . .

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මෙම පනතේ 8 (8) වගන්තිය ප්‍රකාරව මැතිවරණය සඳහා තරග කරන දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින්ගේ හැසිරීමට අදාළ චර්යාධර්ම සංග්‍රහයක් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝණය කර ඇති අවස්ථාවක ගත හැකි පියවර සහ එම පියවරයන් ධූර කාලය දක්වාත් බලාත්මකව පවතින බව සඳහන් කරමින් විධි විධාන ඇතුළත් කිරීමට ත් හඳුනාගත් විශේෂිත තනතුරු දරනු පුද්ගලයින් හට තමන් වෙත වෙන් කර ඇති ඡන්ද පොළෙන් බැහැරව විශේෂ මධ්‍යස්ථානයකදී මැතිවරණ දින ඡන්දය ප්‍රකාශ කිරීමට අවකාශය සලසා දීමට හැකි වන පරිදි මෙය සංශෝධනය කෙරෙනු ඇත.

අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්තවේ . . .

Tue Dec 13 , 2022
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මේ බව සඳහන් කර ඇත. මිය යන විට ඔහු 76 හැවිරිදි වියේ පසුවිය. 1946 වසරේ ජනවාරි මස 9 වන දින මොරටුවේදී නිහාල් නෙල්සන් මෙලොව එළිය දුටුවේ ය. ඔහු රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයේ සහ මොරටු මහා විද්‍යාලයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x