කැබිනට් ඇමතිකමක් ගන්න අය වැයට විපක්‍ෂව ඡන්දය දෙයි . . .

ඉදිරි වර්ෂය සදහා ඉදරිපත් කරන ලද අය වැය තුලින් වතු කම්කරුවන්ට කිසිදු සහනයක් නොලැබුනත් එම අය වැය හොද බව පවසමින් ජිවන් තොණ්ඩමන් එයට පක්ෂව ඡන්දය දුන්නේ කැබිනට් ඇමතිධූරයක් ලබා ගැනිමේ අරමුණ මත බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ සභාපති එස්. පී. ඉලංගෝ පවසයි.

හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බල පැවසු ඉලංගෝ එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. වතු කම්කරු ජනතාවගේ ඡන්දයෙන් පාර්ලීමේන්තු ගිය ප්‍රබල වතු කම්කරු වෘත්තිය සමිතියක් වන ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයක් වන ජිවන් තොණ්ඩමන් අය වැයෙන් වතු කම්කරුවන්ට කිසිදු සහනයක් නැතිනම් කොහොමද අය වැය හොදයි කියන්නේ.

වතුකර ජනතාව අද දැඩි ආර්ථික අපහසුකම් මතයි ජිවත් වෙන්නේ ඔවුන්ට ජිවත් වෙන්න නිසි වැටුපක් නැහැ දිනෙන් දින ඉහල යන ජිවන වියදමට සරලන ආදායමක් නැහැ එවන් තත්වයන් මත 2023 වර්ෂයට ඉදිරිපත් කරන ලද අය වැය තුලින් මේ වතු කර ජනතාවට කිසිම සහනයක් නැහැ එත් ජිවන් තොණ්මන් කියනවා අය වැය හොදයි එම නිසා අය වැයට පක්ෂව ඡන්දය දුන්නා කියලා.

මොහුට අවශ්‍ය කැබිනට් ඇමති කමක් ගන්න අය වැයට විපක්ෂව ඡන්දය දුන්නොත් එම කැබිනට් ඇමති කම ලැබෙන්නේ නැහැ එම නිසා මේ කැබිනට් ඇමති කම ගන්න ඕන නිසා වතු කර ජනතාවට මොනවා වුනත් අය වැයට පක්ෂව ඡන්දය ලබා දිමයි මොහු සිදු කලේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යුද හමුදාවට සමාජ මාධ්‍යය ජාලා තහනම් . . .

Wed Dec 14 , 2022
ජාතික ආරක්ෂාවට බලපාන මෙන්ම හමුදා නිලධාරීන්ගේ රහස්‍ය තොරතුරු මුදාහැරීම, අපහාසාත්මක, අසභ්‍ය, කාමුක දේශපාලනික ‌මෙන්ම කරුණු සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ මුදාහැරීම තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝගයක් නිකුත් කර ඇත. යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් එල්.ඩී. හේරත් විසින් නිකුත් කර ඇති නියෝගය මගින් සියලුම යුද හමුදා නිලධාරීන්ට හා සෙසු නිලයන්ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x