ආබාධිතයන්ගේ උපකරණ මිල ගණන් ඉහළට . . .

රටේ විවිධ ආබාධිතයන් පාවිච්චි කරන කෘතීම පාද, රෝද පුටු , සැරයටි කිහිලිකරු  ඇතුළු උපකරණ 31 ක මිල ගණන්  රජය පැනවූ අලූත් බදු හේතුවෙන් සියයට 400 කින් පමණ  වැඩිවී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පැවසීය.

මෙම නව බදු සංශෝධන හේතුවෙන් ඇතිවන පීඩා හමුවේ ජනතාවගේ ආයු කාලය වසර පනහක් දක්වා කෙටි වන බවද  හෙතෙම සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජනතාවට බදු පිට බදු ගසන්නේ මේ රටේ ඇවිදින ඇටසැකිලි බිහි කරන්නදැයි තමා රජයෙන් ප්‍රශ්න කරන බව පැවසූ ගාමිණී වලේබොඩ ජනතාව  වේලක් ඇර වේලක් කා  දැඩි පීඩාවකින්  ජීවත්වෙන අවස්ථාවක මෙලෙස අසීමිත බදු අය කිරීම අන්ත අසාධාරණ අමානුෂික තීරණයක් බවද   සඳහන් කළේය.

බදු වැඩි කිරීමෙන් මිල ගණන් ඉහළ ගොස් ඇති ආබාධිතයන්ගේ උපකරණ අතර  විදුලි රෝද පුටු සඳහා භාවිතා කරන බැටරි, ජෙල් මෙට්ට, ජල මෙට්ට, ශ්‍රවණාධාර උපකරණ, සවන් වහල් සඳහා භාවිත කරන බැටරි, බ්‍රේල්  ලිවීමේ උපකරණ, බ්‍රේල් යතුරුලියන, ඇබකස්, ඇවිදින රාමුව උපකරණය කැතීටර් යනාදීයද වෙතියි ඔහු  ප්‍රකාශ කළේය.

රටේ ආබාධිත ප්‍රජාව ලක්ෂ විස්සකට වැඩි පිරිසක් සිටින බවද මන්ත්‍රීවරයා කීවේය. වලේබොඩ මෙසේ පැවසුවේ කොළඹදී  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බිත්තර මිල ඉහළට . . .

Sat Dec 17 , 2022
බිත්තර සඳහා උපරීම මිලක් නියම කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය අත්හිටවීමත් සමඟ වෙළඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවති. උත්සව සමය හේතුවෙන් බිත්තර මිල ඉහළ ගොස් ඇති පසුබිමක මේ වනවිට වෙළඳපොළේ බිත්තර හිගයක්ද මතුව ඇති බව පාරිභෝගිකයින් පවසයි. පාරිභෝගික අධිකාරිය විසින් බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ගැසට්ටුවට එරෙහිව අභියාචනාධිකරණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x