රට පුරා ප්‍රධාන රෝහල්වල ඇති වී තිබෙන උග්‍ර ඖෂධ හිගය සහ උපකරණ හිඟය හේතුවෙන් දෛනිකව සිදු කිරීමට සැලසුම්කර ඇති ශල්‍යකර්ම සීමා කිරීමට සිදුව තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ එලෙස ශල්‍යකර්ම සීමා කිරීම හෝ කල් දමන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි.
සංගමයේ ලේකම් හරිත අලුත්ගේ කියා සිටියේ මේ වන විට ප්‍රධාන රෝහල්වල වේදනා නාශක ඖෂධ, බෝවන රෝග සඳහා ලබාදෙන සරල ඖෂධ ඇතුළු ජීවිතාරක්‍ෂක ඖෂධ දක්වා ඖෂධ රැසක හිගයක් ඇති වී තිබෙන බවයි.
සාමාන්‍යයෙන් ප්‍රධාන රෝහල්වල මාසයකට පමණ ප්‍රමාණවත් ඖෂධ තොග තිබිය යුතු වුවත් ඇතැම් රෝහල්වල ඖෂධ ඇත්තේ දින තුන හතරකට ප්‍රමාණවත් ලෙස බවද හෙතෙම පැවසීය.